ඉරානයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් වෙළඳසැල් සහ පොදු ආයතන වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් අද(28)දිනයේ එහි සියලුම වෙළඳසැල් සහ පොදු ආයතන වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කාලගුණ වාර්තාවලට අනුව ටෙහෙරාන් අගනුවර උෂ්ණත්වය 37C (98.6F) සිට 42C (107F) දක්වා පරාසයක පවතින බව වාර්තා වන අතර තාප ආඝාතය වීම හේතුවෙන් පුද්ගලයන් 225 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එරට ජාතික කාලගුණ විද්‍යා සංවිධාන නිවේදනය කර තිබුණේ ඉරානයේ පළාත් 10 ක උෂ්ණත්වය 45C (113F) ඉක්මවූ අතර, වැඩිම උෂ්ණත්වය 49.7C (121F) වාර්තා වී ඇත්තේ ගිනිකොනදිග නගරය වන Delgan හි වන බවයි.

පසුගිය වසරේ ද ඉරානය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් රටපුරා දින දෙකක නිවාඩුවක් ලබා දුන් අතර මේ පිළිබඳව දේශගුණික විද්වතුන් සඳහන් කර තිබුණේ, පොසිල ඉන්ධන දහනය නිසා ඇති වූ ගෝලීය දේශගුණික අර්බුදය හේතුවෙන් තාප තරංග වඩාත් දරුණු හා දිගු වෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...