මැතිවරණ කොමිෂන් සභාව පිළිබද සැකයක් ඇති කරගන්න එපා

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

නීති සම්පාදනය කරන්නේ නම්, ඡන්දපොළ, ඡන්ද දායකයා වෙත ගෙන යාමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ, බන්ධනාගාර,  වරාය,  ගුවන්තොටුපළ,  රෝහල වැනි අත්‍යවශ්‍ය සේවා ස්ථානවලට ඡන්දපොළ ගෙන යාමට කොමිසම සුදානම් බවයි. සුපිළිපන් මැතිවරණයක් උදෙසා පුරවැසි වගකීම යන මැයෙන් රත්නපුර නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේ දී සමන් ශ්‍රී රත්නායක මහතා මෙ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මැතිවරණ ක්‍රියාවලියේ දී මැතිවරණ කොමිෂන් සභාව පිළිබද සැකයක් ඇති කර නොගන්නා ලෙස ද ඒ මහතා මෙහිදි ඉල්ලීමක් කළ අතර, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”