නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW:
ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන පන්දු ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය සඳහා පිවිසීමට දෙවන අවසන් පූර්ව තරගයෙන් ලකුණු 68 ක ජයක් ලබා ගත් සීසීසී කණ්ඩායමට සමත් වුණා.පළමු අවසාන පූර්ව තරගය ජය ගත් පොලීසිය සමඟ අවසාන ගැටුමේදී සටන් වඳින සීසීසී කණ්ඩායම අවසාන තරගය සඳහා රැඟෙන ඒමට ඔවුන්ගේ විශාල ලකුණු පූවරුව ප්‍රධාන හේතුවක් වූ අතර ඒ සඳහා සීසීසි නායක සොනාල් දිනූෂ ගේ පිතිකරණ දායකත්වය මූලික වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් සීසීසි කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමාවේ කඩුලු 7 ට ලකුණු 309 ක් රැස් කරන්නට සමත් වුණා.එහිදී පන්දු 72 න් නොදැවී ලකුණු 83 ක් ලබා ගත් සොනාල් දිනූෂ වැඩිම ලකුණුලාභියා වුණා.එහිදී සොනාල් සහ පවන් රත්නායක (63) අතර පස්වන කඩුල්ලට ලකුණු 86 ක සබඳතාවයක් ද,සොනාල් සහ සහන් කෝසල (48) අතර හයවන කඩුල්ලට ලකුණු 73 ක සබඳතාවයක් ද පවත්වන්නට දායක වුණා.එසේම නිශාන් පීරිස් (නොදැවී 14) සමඟ අටවන කඩුල්ලට නොබිඳි ලකුණු 32 ක් ද ලබා ගන්නට දායක වුණා.
මෙහිදී සීසීසී කණ්ඩායම සතු ජ්‍යේෂඨම ක්‍රීඩකයින් ලෙස ධනංජය ද සිල්වාට මෙන්ම කමිඳු මෙණ්ඩිස් ට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටින්නට ඉඩ නොදෙමින් දවා ගන්නට සමත් වුණත් නායක සොනාල් දිනූෂ සෙසු පිිතිකරුවන් සමඟ සිය කඩුල්ල රැක ගනිමින් දියක් කළ පිති හරඹය ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තබා ඇති බලාපොරොත්තු ඉහළ නැංවූ සහ තමන් කෙතරම් වගකීම් සහගත ක්‍රීඩකයෙකුදැයි සහතික කිරීමක් වුණා.
ටැමිල්යූනියන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ විජයකාන්ත් වියස්කාන්තා සිය පන්දු ඕවර් 10 ලකුණු 52 ට නිමා කරමින් සීසීසී කණ්ඩායමේ දැවී ගිය කඩුලු 7 න් හතරකම හිමිකාරයා බවට පත්වෙන්නට සමත් වුණා.
ලකුණු 409 ක ඉලක්කය හඹා යාමේදී ටැමිල්යූනියන් කණ්ඩායමේ කල්පනාව වී තිබුණේ ලකුණු වේගය පමණක් ද යන්න සිතෙන තරමට ඔවුන් වේගවත් වීම ගැන සිතූ තරමට කඩුලු රැක ගැනීම ගැන අවධානය ලබා දුන් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ සිතාර හපුහින්න පන්දු 75 දී ලකුණු 76 ක් රැස් කරමින් කැපී පෙණුනේ නුවන් තුෂාර සහ විශ්ව ප්‍රනාන්දුගේ පන්දු යැවිම් දැඩි ප්‍රහාරයකට ලක් කරමින්.එසේම සාරුජාන් ෂන්මුගනාදන් පන්දු 59 දී ලකුණු 56 ක් රැස් කරමින් කැපී පෙණුනා.
පිත්තෙන් කිරීමට නොහැකි වූ දායකත්වය පන්දුවෙන් ලබා දුන් කමිඳු මෙණ්ඩිස් ටැමිල්යූනියන් කණ්ඩායමට එරෙහිව අභියෝග කළ ප්‍රධානම පන්දු යවන්නා වූ අතර ඔහු ලකුණු 43 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.වේගයෙන් හඹා යාම පමණක් අදිටන් කර ගැනීමෙන් පන්දුවට පහර දුන් ටැමිල්යූනියන් කණ්ඩායම සීසීසී කණ්ඩායම රැස් කළ ලකුණු 309 ට ලකුණු 68 ක් මෙපිටින් ලකුණු 241 ට දැවී යන විට ඔවුන්ට එම ලකණු 68 රැස් කිරීමට තවත් පන්දු වාර 8.5 ක් ඉතුරුව තිබුණා.ඔවුන් සියල්ලම දැවී ගියේ 42 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදී යි.
