අපචාර පාරාදීසයක් වූ කැලණිය වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනයට යළි පණ පොවයි! .

Date:

කොළඹLNW:විවිධ අපචාර සඳහා පාරාදීසයක් බවට පත්ව තිබූ කැලණිය වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීම ආරම්භ කර තිබේ.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමලසිරි බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනූව කැලණිය ප්‍රාදේශීය සභාව මෙම නවීකරණ කටයුතු සිදුකිරීම අරඹා තිබෙන අතර ක්‍රීඩා අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ක්‍රීඩා සතියට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පවිත්‍ර කිරීමේ කටයුතු ඊයේ (27) දින සිදුකර ඇත.

ළමා උද්‍යානයක්, ක්‍රිකට් පුහුණු පිරියක්, අත් පන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, නවීන ක්‍රීඩාගාරයක් සහිතව, කැලණිය ප්‍රාදේශීය සභාව මගින් ඉතා විශාල මහජන මුදලක් වියදම් කර එම ක්‍රීඩා පිටිය ඉදිකර තිබේ.

නමුත් පසුගිය සමයේ කිසිදු බලධාරියෙකුගේ අවධානය ඊට යොමු නොවීම නිසා වල්වැදී විනාශ මුඛයට යමින් තිබුණි.

මෙම නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේ පොදු දේපල, පෞද්ගලික දේපල හා සමානව රැකගැනීම පුරවැසියන් ලෙස අප කාගේත් වගකීම බවයි.

මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය යන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...