උතුරු දුම්රිය මග යළි විවෘත කිරීම අප්‍රේල් 9 වනදා සිට..

රෂිකා හෙන්නායක අප්‍රේල් 05, කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමෙන් පසු, එහි මෙහෙයුම් අප්‍රේල් 9 වනදා සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ අනුව කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර සෘජු ප්‍රවාහන සබඳතා නැවත ස්ථාපිත වන අතර, මගීන් සඳහා ආසන වෙන් කිරීමේ පහසුකම් ද මේ වන විට විවෘත කර තිබේ.

විශේෂයෙන්ම ගල්කිස්ස සහ කන්කසන්තුරේ අතර ධාවනය වන දුම්රියන් සඳහා මෙම ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බව බලධාරීහු ප්‍රකාශ කරති.

මෙම සේවාවන් යථා තත්ත්වයට පත්වීම උතුරු පළාතේ මගී ගමනාගමනය පහසු කිරීමට මෙන්ම කලාපයේ ආර්ථික කටයුතු නංවාලීමට ද විශාල පිටුවහලක් වනු ඇත.

යුහුසුළුව නිම කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් බිඳ වැටී තිබූ ප්‍රධාන ප්‍රවාහන ජාලයක් යළි සක්‍රීය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...