යාපනය මහා සංස්කෘතික මංගල්‍ය හෙට ඇරඹේ!(PHOTOS)

Date:

කොළඹ LNW:යාපනයේ සුප්‍රකට නල්ලූර් කෝවිල කේන්ද්‍ර කරගත් වාර්ෂික තේරු උත්සවය හෙට (30) ආරම්භ වීමට නියමිතයි.

මාසයක කාලයක් පුරා එම සංස්කෘතික උත්සවය පැවැත්වෙන අතර ඊට ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් ප්‍රමාණයක් යාපනය නල්ලූර් පුදබිම වෙත පැමිණෙයි.

මුරුගන් හෙවත් කන්දසාමි දෙවියන් උදෙසා වෙන් වූ නල්ලූර් කෝවිලේ මෙම වාර්ෂික උත්සව මංගල්‍ය වෙනුවෙන් මේ දිනවල ඊට පෙර සූදානම් කටයුතු සිදුවෙයි.

උත්සව කාලයට නල්ලුර් පෙදෙසම සැණකෙළි සිරි ගන්නා අතර ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාරිකයන් එකතු වී පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමත් දැකගත හැකියි. විවිධ බඩු පිරුණු තාවකාලික සල්පිල් කඩවලින් ද, විවිධ අන්දමේ රසකැවිලි කඩවලින් ද මංමාවත් පිරී යාමට නියමිතයි.

දෙවියන්ට බැතිමත් නල්ලූර් අවට වැසියන් තම ව්‍යාපාරික ස්ථාන, නිවෙස් ඉදිරිපිට කෙසෙල් ගසින්, ගොක් රැහැනින්, සරසා කහ දියර ඉස හැඩකර තිබෙන ආකාරයද හෙට සිට දැකගත හැකියි.

පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා පැවත්වෙන අතර මේ කාලයේදී කෝවිල වටා දින 20ක් තේරු රථය ඇදගෙන යාම ද සිදුවෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...