සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්, ඔවුන්ගේ අලගිය මුලගිය තැන්, සැමරුම්, ඉන්ටර්විව්ස්, රතු පලසෙහි ඇස් ගිය තැන්, උපන්දිනයන්.. එකී මෙකී නොකී දෑ දැන ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!
සටහන – පුලී
ජූලි 28, කොළඹ (LNW): 2025 අඩක් පමණ ගතව ඇති කාලයක අද “Celebrity Buzz” තුළින් අපි මෙම වසරෙහි හොලිවුඩයෙන් ගිලිහුණු අමරණීය චරිත කිහිපයක මතකාවර්ජනය කරමු!
හොලිවුඩයට පාඩු පිට පාඩු සිදුවෙමින් පවතින කාලයක මල්ලවපොර පුරාවෘත්තයක් වන Hulk Hogan, හෙවි මෙටල් රොක් ස්ටාර් Ozzy Osbourne සිට “Pretty Little Baby” කොනී ස්ටීවන්ස් දක්වා බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජීවන ගමනට සමු දුන්නේ හඳ ව්‍යාකූල කරවන සංවේගයක් හොලිවුඩය පුරා වපුරුවමිනි. ඔවුන් අපගේ රූපවාහිනී තිර, ප්‍රසංග වේදිකා හෝ මල්ලවපොර වළලු ජය ගත්තද, ඔවුන්ගේ වැදගත්කම කාලයා ඇවෑමෙන් අපට සදා අමරණීය වනු ඇත. වසර ගෙවී ගෙන යන මේ මොහොතේ අපි ඔවුන්ව සිහිපත් කරන්නේ ඔවුන්ගේ කීර්තිය සඳහා පමණක් නොව, ඔවුන් ලෝකය වෙනුවෙන් නිර්මාණය කළ ලෝකය වෙනුවෙනි.
Hulk Hogan

Wrestling බැටල්ස් තුළ නොමැකෙන තරුවක් වූ Hulk Hogan ජූලි 24 වන දින ඔහුගේ ෆ්ලොරිඩා නිවසේදී හෘදයාබාධයක් හේතුවෙන් සිය දිවි ගමනට සමු දෙන ලදී. මියයන විය 71 වන වියේ පසුවූ Hulk පැවැති WWE ශූරතා හයක් දිනා ගැනීමට සමත් විය.
Anne Burrell

සූපවේදය සහ ආහාර රටා පිළිබඳව ප්‍රසිද්ධියට පත් Anne Burrell ජුනි 17 වන දින සිය ජීවිතයට සමු දුන්නේ වයස අවුරුදු 55 පසු කරමින් සිටියදීය. සූපශාස්ත්‍රයෙන් ඇය ඉතාලි මුළුතැන්ගෙයි සිට ඇමරිකානු රූපවාහිනී තරුවක් දක්වා ඉහළ තත්ත්වයකට පැමිණි තරුවකි. ආදරය සහ දක්ෂතාවය තුළින් බලාපොරොත්තු රහිත කෝකියන්ට ඔවුන්ගේ ජීවන රටාව සොයා ගැනීමට උදව් කිරීමට ද ඇය වෙහෙසීය.
Ozzy Osbourne

හෙවි මෙටල් සංගීතයෙන් පන්නරය ලබා Black Sabbath හි ප්‍රමුඛයෙකු වූ Ozzy Osbourne වයස අවුරුදු 76 පසුකරමින් සිටිය දී මිය ගියේය. ඔහු 2019 වසරේ සිට පාකින්සන් රෝගයට ගොඳුරුව සිටි බව ද හඳුනාගෙන තිබිණි. රොක් කලාවට ඔහු දුන් අපිරිමිත දායකත්වය අදටත් ජීවමානව පැවතීම ම ඔහුගේ සාර්ථකත්වයේ කොටසකි.
Malcolm-Jamal Warner

කොස්බි ෂෝ හි තියෝ හක්ස්ටබල් ලෙස හැඳින්වෙන මැල්කම්-ජමාල් වෝනර්, ජූලි 20 වන දින කොස්ටාරිකාවේ අහම්බෙන් දියේ ගිලී මිය ගියේය. මියයන විට ඔහු 54 වියෙහි පසු විය.
Connie Francis

50 සහ 60 දශකවල ගීත ප්‍රස්ථාරයේ ප්‍රමුඛ පෙළේ පොප් ගායිකාවක් වූ කොනී ෆ්‍රැන්සිස් ජූලි 16 වන දින සිය අවසන් හුස්ම හෙළුවාය. මියයන විට ඇයට වයස අවුරුදු 87 කි. Stupid Cupid සහ My Heart Has a Mind of Its Own වැනි කාලානුරූපී ජනප්‍රිය ගීත සමඟින්, ඇය ඇමරිකාවේ ගීතපෙම්වතිය බවට පත්විය. මෑත කාලීනව කාගේත් “Pretty Little Baby” උන කොනී මිලියන සංඛ්‍යාත TikTok පරිශීලකයන්ගේ මෙන්ම නව පරම්පරාවේ මුවඟ රැඳි ගීතයක හිමිකාරියක් ද විය.