කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28 , කොළඹ LNW :

අද (28) දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික වාර්තාවක් තබමින් ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව ඇත. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින් එහි අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙසින් සටහන් විය.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට රෝයල් සෙරමික් ලංකා, මෙල්ස්ටාකෝප්, හේමාස් හෝල්ඩිංග්ස්, LB ෆිනෑන්ස් සහ CT හෝල්ඩිංග්ස් යන සමාගම් ඇතුළුව සමාගම් 97ක කොටස් මිල ඉහළ යාම හේතු වී තිබුණි. මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL 20 මිල දර්ශකය ඒකක 19.47 කින් ඉහළ ගොස් ඒකක 5,774.51ක් ලෙසින් සටහන් විය.

ඒ අනුව, අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.16ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...