*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

වීසා ඇත – සීට් නැත

අගෝස්තු 1-6 අතර කොළොම්ඹියාවේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට වීසා ලැබී ඇතත් ගුවන් යානයේ ආසන වෙන් කරවා ගැනීම ගැටළුවක් වී ඇත.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය හරහා කොළොම්ඹියාව වීසා සඳහා අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමේදී දැක් වූ ප්‍රමාදය ශ්‍රී ලංකාවට පමණක් නොව අන් රටවලට ද ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කර ඇත.නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව තිබෙන තත්ත්වයට සාපේක්ෂව ගුවන් සේවා පහසුකම් ලබා ගැනීම දුෂ්කර තත්ත්වයකට පත් වී ඇත.

සහභාගි වීමට අවශ්‍යය කටයුතු මුලදී සම්පාදනය කිරීමට මලල ක්‍රීඩා සංගමය ක්‍රියා කර තිබුණේනම් මෙවන් තත්ත්වයක් උද්ගතවීමට ඉඩ නොතිබිණ.නමුත් මේ මොහොතේ රට සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර පිළිගැනීම යහපත් එකක් නොවන අතර ඒ තත්ත්වය මත ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව හෝ මේ ගැටළුව විසදීමට නොහැකි වුවහොත් එය රටේ කීර්තිය සම්බන්ධ පිළිගැනීම තවත් අවුලට පත්වෙනු ඇත.

ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ක්‍රීඩිකාවකට සහ ක්‍රීඩකයෙක්ට සියලු පහසුකම් සපයන අතර ඔවුන් දෙදෙනාම පාසල් වියේ පසුවන තත්ත්වයක රටේ නීතියට අනුව ඔවුන්ට තනිව සහභාගි වීමේ හැකියාවක් ද නැත.දිවා රෑ නොමැතිව පක්ෂ විපක්ෂ දේශපාලනයේ සිට විවිධ ක්‍රීඩා බලධාරීන් ඇතුළුව මහළු ප්‍රවීනයන් තරුණ අනාගතය ගැන කතා කරන කතා අතරේ ඒ සම්බන්ධයෙන් පොළවේ සැබෑ යථාර්ථය කවරක්ද යන්න අවබෝධ කර ගැනීමට මේ සිදුවීම හොඳ උදහරණයකි.

තරුෂි කරුණාරත්න (මීටර් 800 සහ මීටර් 400),අමාශා හෙට්ටිආරච්චි (මීටර් 400 කඩුලු) හිරූෂ හෂාන් (දුර පැනීම),පසිඳු මල්ශාන් (තුන් පිම්ම),කවීශ බණ්ඩාර (මීටර් 110 කඩුලු),කේඑම්ඩී.දර්ශන(මීටර් 400 කඩුලු) සහ රුමේෂ් තරංග (හෙල්ල වීසිකිරීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සුදුසුකම් ලබා ඇත.

කණ්ඩායමෙි කළමනාකරු සහ පුහුණුකරු ලෙස නම් කර ඇති සුසන්ත ප්‍රනාන්දු තරුෂි කරුණාරත්නගේ පුහුණුකරුය.කාන්තා භාර නිලධාරිණිය සහ පුහුණුකරු ලෙස එක් වන භද්‍රා ගුණවර්ධන හිරූෂ හෂාන් ගේ පුහුණුකාරිය ය.අමාශා හෙට්ටිආරච්චි ගේ පුහුණුකරු එස්.පී.විතාන වන අතර නලීන් රත්නසිරිගේ පුහුණුකාරීත්වය යටතේ පසිඳු මල්ශාන් පුහුණුව ලබයි.

රුමේෂ් තරංග පුහුණුව ලබන්නේ ප්‍රසන්න පෙරේරා ය.කේ.එම්.ඩී.දර්ශන,අනුර බණ්ඩාර යටතේ පුහුණුව ලබන්නේ ය.කවීශ බණ්ඩාරගේ පුහුණුකරු සුරේෂ් චම්පික ය

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan