නීතිඥ සුදර්ශන ගුණවර්ධන ITN සභාපති ධූරයට!

Date:

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අද (28) වැඩ භාර ගැනීම සිදු විය.

සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට පැමිණි නව සභාපතිවරයා පිළිගනු ලැබ තිබුණි.

මීට දින කිහිපයකට පෙරම ඔහුගේ නම එකී තනතුර සඳහා යෝජනා වී තිබුණු අතර මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙන සුදර්ශන ගුණවර්ධන මහතා යහපාලන ආණ්ඩු කාලය තුළද සක්‍රීයව එම කටයුතු වල නිරත වූ තැනැත්තෙකි.

යහපාලන ආණ්ඩුව සමයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු සේවය කරන ලදී.

මේ අතර ගුණවර්ධන මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයේද කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...