*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

පකිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වෙයි

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක ජයක් ලබා ගැනීමට සමත් විය.පකිස්තානයට ජයග්‍රහණය සඳහා 507 ක ඉලක්කයක් යොමු වූ අතර සිය හයවන ටෙස්ට් ඉණිමේ ද හතරවන වතාවටත් කඩුලු 5 සීමාව ලකුණු කරමින්,ලකුණු 117 කඩුලු 5 දවා ගත් ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට පදනම දැමීය.

ප්‍රභාත් තරගාවලියේ වීරයා වෙද්දි ඔහු නිමා කළ ටෙස්ට් තරග තුනදී ඉණිම හයකදී ප්‍රතිවාදීන්ට ලකුණු 591 දෙමින් ලබා ගෙන ඇති කඩුලු ප්‍රමාණය විසි නවයකි.ජයග්‍රාහී තරගයේ වීරයා වූ ධනංජය ද සිල්වා දෙවන ඉණිමේ දී ලකුණු 109 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා දෙවන ඉණිම කඩුලු 8 ට ලකුණු 360 ක් දක්වා ඉහළ දැමීමට දායකත්වය ලබා දුන්නේය.ආබාධයක් සහිතව සිටියදී දෙවන ඉණිමේ දී ලකුණු 126 ක සම්බන්ධයක් පවත්වමින් ධනංජය සමඟ හයවන කඩුල්ල සඳහා නායක දිමුත් කරුණාරත්න ලකුණු 61 න් දැක් වූ දායකත්වය අති විශිෂ්ඨය.

කාසියේ වාසිය සමඟින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිමට ලකුණු 378 ක් රැස් කර ගත්තේය.එම ඉණිමට අර්ධ ශතක තුනක් එකතු විය.දිනේෂ් චන්දිමාල් ලකුණු 80,නිරෝෂන් දික්වැල්ල 51,ඔෂධ ප්‍රනාන්දු 50 අර්ධ ශතකලාභියෝ වූහ.

පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානය ලකුණු 231 ට සීමා විය.අගා සල්මාන් පමණක් සාර්ථක වූ අතර ඔහු ලකුණු 61 ක් ලැබීය.දිගින් දිගටම මෑත තරගවල ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වූ ප්‍රභාත් ජයසූරිය වෙනුවට පකිස්තානු කඩුලු දඩයමේ ප්‍රමුඛයා වූ රොමේෂ් මෙණ්ඩිස් ලකුණු 47 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 147 වාසියක් සමඟ දෙවන ඉණිමට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 117 ක් පමණක් ලබා තරගයේ ජය පරාජය කාට හිමිවේද යන්න අනපේක්ෂිත තත්ත්වයක තිබියදී එය යළිත් ශ්‍රී ලංකාව පැත්තට නැඹුරු කළේ ධනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්න ඇති කළ සබඳතාවය ය.⁣

ධනංජය ශතකය ලබාගෙන සිටියදී ටෙස්ට් අර්ධ ශතකය ආසන්නයේ සිටි රොමේෂ් මෙණ්ඩිස්ට ඒ සඳහා යාමට මඟ අහුරමින් ධනංජය දුවද්දී දැවී ගියේය.රොමේෂ් ගේ දායකත්වය නොදැවී ලකුණු 45 ක් විය.

ඉණිම අත් හිටවීමෙන් පසු පිටියට පිවිසි පකිස්තානය අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටියදී ලකුණු 176 දී තෙවන කඩුල්ල අහිමි වීමත් සමඟ තරගය යළිත් ශ්‍රී ලංකාව දෙසට නැඹුරුවන්නට විය.ප්‍රථම ඉණිමේ එල්ල කිරී⁣මට නොහැකි වූ පීඩනය දෙවන ඉණිමේදී දියත් කළ ප්‍රභාත් පකිස්තානු පිතිකරුවන්ගේ විශ්වාසය මුලින් උගුල්ලා දමමින් අපූරු පන්දු සංකලනයක් ඉදිරිපත් කිරීම කැපී පෙණින.විශේෂයෙන් පකිස්තාන ඉණිම කනපිට හරවන්නට පටන් ගත් ඔවුන්ගේ තෙවන කඩුල්ල දවාලීමට ප්‍රභාත්,මොහොමඩ් රිස්වාන් වෙත එල්ල කළ පන්දුව පකිස්තානු කණඩායමටම පීඩනයක් ඇති කළ එකක් විය.

කෙසේ හා දිරිමත් සටනකට පිවිසෙමින් පකිස්තානු නායක බාබර් අසාම් රැස් කළ ලකුණු 81 අති විශිෂ්ඨ ඉණිමක් විය.නමුත් ප්‍රභාත් මෙන්ම පළමු ඉණිමේ ඇති කළ පීඩනය නොනවත්වා දියත් කළ රොමේෂ් මෙණ්ඩිස් ද ලකුණු 101 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.පකිස්තාන අවසන් කඩුල්ල ලෙස නසීම් ෂා ලකුණු 18 ට දැවී යද්දී පකිස්තාන ඉණිමේ මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 261 ක් විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan