රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම සිය ටැල්කම් පවුඩර් නිෂ්පාදන මගින් පිළිකා ඇති වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක වන්දියක් ගෙවීමට එකඟ වී ඇත.
මෙම දැවැන්ත එකඟතාව මගින් ඇමරිකා එක්සත් ජනපදය පුරා ගොනු කර ඇති නඩු 69,000 කට ආසන්න ප්‍රමාණයක් විසඳීමට අපේක්ෂා කෙරේ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ටැල්කම් යනු පිළිකාකාරකයක් විය හැකි බවට වර්ගීකරණය කර ඇති අතර, එම සමාගම දැනටමත් ලොව පුරා මෙම නිෂ්පාදනය අලෙවි කිරීම නවතා දමා ඇත.
කෙසේ වෙතත්, මෙම නීතිමය එකඟතාව බ්‍රිතාන්‍යයේ පවතින නඩුවලට අදාළ නොවන අතර එහිදී ද සමාගමට එරෙහිව විශාල පිරිසක් අධිකරණය හමුවට ගොස් සිටිති.
තමන් වැරදි සිදුකළ බව එම සමාගම ප්‍රතික්ෂේප කළද, දශකයකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම නීතිමය අර්බුදය නිමා කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත.
මෙම එකඟතාව බලාත්මක වීමට නම් පැමිණිලිකරුවන්ගෙන් සියයට 95 ක කැමැත්ත අත්‍යවශ්‍ය වේ.



