පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකීය දස්කම්: රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු පැනීමේ අවසන් තරගයට..

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ නවතම දක්ෂතා අනුව රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සහ එෆ් ඒ මොහොමඩ් පිහිනුම් ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම කැපී පෙනෙන ජයග්‍රහණ වේ.

කෙසේ වෙතත්, ඉන්දික දිසානායක බර ඉසිලීමේ ඉසව්වෙන් පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී ගොස් ඇත.

මීටර් 100 ධාවන ඉසව්වට ඉදිරිපත් වූ චමෝද් යෝදසිංහ සහ දිනෙත් වීරරත්න මූලික වටයේදී දක්ෂතා දැක්වූවත් ඔවුන්ට අවසන් වටයට පිවිසීමට අවස්ථාව හිමි වූයේ නැත. අනතුරුව පැවති මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වට එක්වූ රොෂාන් ධම්මික එම ඉසව්වේ මූලික වටයේ 4 වන ස්ථානය දිනාගත්තේ එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින්. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය තත්පර 14.11ක් ලෙස දැක්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.45ට රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු මතින් දිමේ අවසන් මහා තරගයට තරග වැදීමට නියමිත අතර, මීටර් 100 පිරිමි නිදහස් ආර පිරමි තරගයට එක්වූ එෆ් ඒ මොහොමඩ් එම ඉසව්වේ මූලික වටයේ පළමු ස්ථානය දිනාගැනීමට සමත් විය.ඒ සඳහා ඔහු ගතකළ කාලය තත්පර 53කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...