විදේශ විනිමය රටින් බැහැරට ප්‍රේෂණය කිරීම සීමා කිරීමේ නියෝග ලිහිල් කෙරේ

ප්‍රාග්ධන ගනුදෙනු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබුණු යම් යම් සීමාකිරීම් ලිහිල් කර ඇති අතර විගාමිකයින්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමාකිරීම් ද ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

මෙම නව නියමය 2023.06.28 වනදා සිට මාස 6ක් සඳහා වලංගු වන බවයි මහබැංකුව නිවේදනය කර ඇත්තේ.

RN