බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නෑ – සමන් රත්නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇතැම් පිරිස් හුවා දක්වන ආකාරයේ බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයා පවසයි.

ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ හා උපකරණ නොමැතිවීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය  සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී තිබූ අතර , මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ දන්ත වෛද්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය ඖෂධ 270ක පමණ ලැයිස්තුවක් ඉදිරිපත්වී ඇති අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.

නමුත් , ඖෂධ මාෆියාව සෞඛ්‍ය අමාත්‍යංශය පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...