*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

රෝහල් හා සෞඛ්‍ය ආයතනවල විදුලි බිල් ගෙවීම කඩිනම් කෙරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල විදුලිය හා නඩත්තු කටයුතු සඳහා ගෙවිය යුතු මුදල් කඩිනමින් විදුලි බල මණ්ඩලයට ගෙවීමට තීරණය කළ බවයි. එහිදී ජාතික රෝහලේ විදුලි නඩත්තු කටයුතු සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 12කට අධික මුදලක් ගෙවීමට පියවර ගත් බවද ඔහු පැවසීය.

අනෙකුත් හිඟ මුදල් කඩිනමින් ගෙවීමට මහා භාණ්ඩාගාරය සමග එකඟතාවයකට පැමිණි බවද ඒ මහතා පවසයි.

මේ අතර, දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන තුන්දහසකට ආසන්න මුදලක් අය වීමට ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ  සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම ගෙවා දමන්නැයි දැනුම් දුන් බවද සාමාන්‍යාධිකාරිවරයා පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan