*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

පොළීසියට එරෙහිව පැමිණිලි රැසක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසරේ ගතවූ කාලය තුළ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි ජාතික පොලිස් කොමිසම පවසන්නේ .

කොමිසම සඳහන් කළේ, ඒ අනුව පොලිසියට එරෙහිව මේ වසර තුළ  පැමිණිලි 11,450 ක් ලැබී ඇති බවත් , ඉන් පැමිණිලි 9774 ක්ම ලැබී ඇත්තේ මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකතන අංකයට බවද සඳහන්.

අනෙකුත් පැමිණිලි මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී ඇති අතර ,ඉන් පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවකට මේ වන විට විසඳුම් ලබා දී අවසන් බවද පැවසේ.

පැමිණි විභාග නොකිරීම,බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවයි පොලිස් කොමිසම පවසන්නේ.

ජාතික පොලිස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, 1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශ පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan