*
Monday, November 18, 2024
spot_img

Latest Posts

ඇමති, පාපන්දු තහනමට බල පෑ ප්‍රතික්ෂේප කළ ව්‍යවස්ථාවට එකඟ වෙයි

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මඟින් පාපන්දු නිලවරණය පැවත්වීම සඳහා තිදෙනෙකුගෙන් යුත් නිලධාරී මණ්ඩලයක් පත් කර තිබේ.ජූලි මස 24 වන දින නිකුත් කරන ලද 2342/09 දරඛ ගැසය් නිවේදනයට අනුව එම කමිටුවට සභාපති ලෙස ඇතුළත් කර ඇත්තේ ඒ.ජී.සී.දේශප්‍රිය වන අතර ලේකම් ධූරය එන්.කේ කපුරුබණ්ඩාර වෙත පවරා ඇත.කමිටුවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන්නේ කේ.ඒ.ආර්.සී.කහදවල ය.


එම කමිටුවට වසර හතරක කාලයක් සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමත්,මහ ලේකම්/ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීමත්,එම නිලවරණ කටයුුතු 2022 සැප්තැම්බර් 22 වන දින සම්මත කරන ලද ව්‍යවස්ථාවට අනුව පැවත්වීමටත් අමාත්‍යවරයාට ක්‍රීඩා පණතේ ඇති බලතල ප්‍රකාරව බලය පවරා තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට විවේචන නයාට අඳුකොළ ගාණය.එසේම ප්‍රශස්ති වන්දනාවන් සහිත වන්දිභට්ට භූමිකාවන් හී ඇලී ගැලී සිටීමේ කැමත්ත අපමණය.ඒ නිසාම මග පෙන්විම ට අවශ්‍යය නිවැරදි සළකුණු මඟ හැරෙන්නේය.ඔහු කරන කියන දේ ට එහෙයි කියන පිරිස සමඟ සම්ප්‍රාප්ත වන්නේ පරාජයන්ය.කළකිරිම්ය.ක්‍රිඩාවට හානිකර තත්ත්වයන්ය.ඉන් පසුව අමාත්‍යවරයා තමන්ගේ අඩු ලුහුඩුකම් නිසා ඇතිවන ගැටළු සම්බන්ධයෙන් පිඩාවට පත්වන පාර්ශවයන් මේ රටේ පුරවැසි භාවයෙන් ද නෙරපන්නට කතා කරන්නේය.


මේ මොහොතේ අමාත්‍යවරයා නිකුත් කරන හෝ අමාත්‍යවරයාට නිකුත් කරන්නට සිදු වූ ගැසට් නිවේදනයට අනුව නිලවරණය පැවත්වීම සඳහා පත් කළ කමිටුවට යෝජනා කරන්නේ කුමක්ද?2022 සැප්තැම්බර් මස 22 වන සම්මත කරන ලද පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවට අනුව නිලවරණය පවත්වන්නටය.ඒ අමාත්‍යවරයා,අමාත්‍යංශය,ජාතික ක්‍රිඩා සභාව ආදි එකි මෙකී සියලු බලධාරීන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉදිරයේ නිලවරණය පැවත්වීමට එකඟ වූ ව්‍යවස්ථාවය.අමාත්‍යවරයා ඒ ව්‍යවස්ථාවට පිටින් යාම දේශපාලන බලපෑමක් ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අර්ථ ගැන්වීම මෙරට කිසිවෙක් දේශද්‍රෝහියෙක් කිරිමට කාරණයක් නොවේය.එය අමාත්‍යවරයා ගත් වැරදි තීන්දුවක් හෝ අතපසුවීමක් ය.
මෙම ව්‍යස්ථාවට පෙර පැවති ව්‍යවස්ථාව පැවති පරිපාලනය විසුරුවා හරින්නට නීතිමය සාධක මතු කර ගැනීම අමාත්‍යවරයා මෙන්ම,අමාත්‍යංශයත්,සංවර්ධන දෙපාර්තමේන්තුවත් මඟ හැර සිටියේය.ඒ නිසා ජාත්‍යන්තර සම්මේලනයේ මැදිහත්වීම වන තෙක් බලා සිටින්නට සිඳු වූ අතර රටක ක්‍රීඩාව ජාත්‍යන්තර සම්මේලනයේ එකඟතාවලට අනුකූලව පැවතිය යුතුය.ලෝකයට ඕනි විදිහට අපි ඉන්න ඕනි නැහැ කියන දුප්පත් සහ අඥාන මතයේ සිට වැඩ කරන්නට අපහසුය.එසේම කුමන හෝ ජාත්‍යන්තර සම්මේලනයකට අයත් වෙනත් කලාපීය පරිපාලනයකට එම ක්‍රිඩාවට අදාළ දේශීය පරිපාලන නියෝජනය නොසළකා අමාත්‍යවරයා සමඟ හෝ අමාත්‍යංශය සමඟ වැඩ කරන්නට ද නොහැකිය.රගර් ක්‍රිඩාවේ අර්බූදය ගොඩ නැඟුණේ එතැනදී ය.

මේ සියල්ල සිඳුවෙද්දී අමාත්‍යවරයාව දැනුවත් කළ හැකි මට්ටමේ උපදේශකත්වයක් ඔහු විසින් පත් කර ගන්නා ලද උපදේශකයින් හෝ අමාත්‍යංශයේත්,සංවර්ධන දෙපාර්තමේන්තුවේත් කිසිවෙක් අමාත්‍යවරයාට ලබා නොදීම කණගාටුදායකය.අමාත්‍යවරයා ඉදිරියේදී මේ ගැන ද කල්පනා කළ යුතුය.උපදේශකයන් අමාත්‍යවරයාව පුම්බා ඇමතිට ක්‍රීඩා සම්මේලනයක් අභිබවා යා හැකි මට්ටමේ සිටිය හැකි බව මෙන්ම ජාත්‍යන්තර සම්මේලන සංගම් අදාළ දේශිය පරිපාලනයට අමතරව ඇමතිවරයා දැනුවත් කර එම එකඟතාවය මත රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගත යුතු යැයි ද අමාත්‍යවරයාට විකාර උපදෙස් දෙන්නෝද සිටින බව මෑතකදී අර්ජුන රණතුංග පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිළි විය.

දැන් පාපන්දු ගැසට් පත්‍රය දක්වා රටේ ක්‍රිඩාවක් නැවත සක්‍රීය කිරීම දක්වා පැමිණිමේදි අමාත්‍යවරයාට හොඳ අත්දැකීමක් ලැබෙන්නට ඇති බව සිතිය හැකිය.ගැසට් නිවේදනයෙන්ම පවසන පරිදි නව පාපන්දු ව්‍යස්ථාව සමඟ නිලවරණය පැවත්වීම දක්වා අමාත්‍යවරයාට පීලී මාරු කරන්නට සිදු වීම ඔහු වටේ සිට “ස්ර් ලංකාවේ ක්‍රීඩාවේ සර්ව බලධාරියා ලෙස සළකා කටයුතු කරන්නැයි” දෙන උපදෙස්වල තරාතිරම මැන ගන්නටත් හොද අවස්ථාවක් උදා වී ඇත.ගත් තීරණ වැරදි බව දැනී නැවත නිවේදන ගැසට් නිකුත් කරන්නට වීමේ අවමානය සහ අපහසුව භුක්ති විඳින්නට වන්නේ අමාත්‍යවරයාටය.

පාපන්දු නිලවරණය අවස්ථාවේ මතු වූ තවත් ගැටළුවක් ගැන ද අවධානය යොමු කළ යුතු කරුණුය.නිලවරණයට ඒ තත්ත්වයන්ද දැන විසඳගෙන යා හැකිනම් වැදගත් නිසා ඒවාද සටහන් කිරිමට කටයුතු කරමු. මෙම නිලවරණ අවස්ථාවට කොළඹ මහා නගර සභාවට අදාළ ඡන්දය දැමීම සඳහා නගරාධිපති රෝසි සේනානායක පැමිණීම ගැන ද විරෝධයක් එල්ල විය.එය ද කොළඹ නාගරික ක්‍රීඩා සමාජයේ ව්‍යවස්ථාව සමඟ සාකච්ඡාවට ගෙන විසදී ඇද්ද යන්න සොයා බැලීම ගැන අමාත්‍යවරයාගේ නිලධාරීන්ගේ වගකීමය.යර්ස් ස්ර් කියා ක්‍රිඩාවත් අමාත්‍යවරයාත් අපහසුවට දමන්නට පුටුවල සිටින්නන් නොව ක්‍රීඩාවේත් අමාත්‍යවරයාගේත් ගෞරවය සුරකින්නේ අමාත්‍යවරයාගේ පෞද්ගලික රුචි අරුචිකම් නීත්‍යාණුකූලව ක්‍රීඩාව හා ගැලපීමට අවශ්‍යය විවේනය සහිත මඟ පෙන්වීම කරන්නන්ය යන්න අමාත්‍යවරයා පාපන්දු ගැසට් එක දක්වා පැමිණිමේදි අවබෝධ කරගෙන ඇත්නම් පිටත වෙනස් කිරිමට වඩා ඇතුළත වෙනස් කර ගැනීමට බුද්ධිමත් වනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan