ඩොක්සුරි සුළි කුණාටුව මධ්‍යයේ පිලිපීනයේ යාත්‍රාවක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

Date:

මෙම සුළි කුණාටුව හෙට දිනය වන විට(29) අග්නිදිග චීනය වෙත සිය ගමන් මඟ වෙනස්කරගනු ඇති බවට දේශගුණික විශලේෂකයන් අපේක්ෂා කරයි.

ඩොක්සුරි සුළි කුණාටුව මධ්‍යයේ පිලිපීනයේ මැනිලා නගරයට නැගෙනහිරින් රිසාල් පළාතේ ලගුනා ඩි බොක්කේදී අධික බර පටවන ලද යාත්‍රාවක් පෙරලීමෙන් 26 දෙනෙකු මියගොස් 40 දෙනෙකු බේරාගෙන ඇති බව වාර්තා වේ.

පැවතුන අධික සුළං තත්වය හේතුවෙන් යාත්‍රාව පාලනයෙන් තොරව ගසාගෙන ගොස් මෙම අනතුර සිදුව ඇති අතර රිසාල්හි පොලිසිය ප්‍රකාශ කර තිබුණේ, වෙරළාරක්ෂක සහ අනෙකුත් පළාත් පාලන ආයතනවල සහාය ඇතිව ඔවුන් වහාම ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ බවයි.

වෙරළාරක්ෂක රියර් ඇඩ්ම් හොස්ටිලෝ ආර්ටුරෝ කොර්නේලියෝ වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ, මෙය සැබවින්ම ඛේදජනක සිදුවීමක් වන බවත්, ආරක්ෂක නීතිවලට අනුව මඟීන් ආරක්ෂක කබා පැළඳ නොසිටි හෙයින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළයුතු බවයි.

ඩොක්සුරි සුළි කුණාටුව ඊයේ(27)දිනයේදී පිලිපීනය හරහා හමාගිය අතර මේවන විට එහි බලපෑමට තායිවානය යටත්ව ඇත. මේවන විට තායිවානයේ අධික සුළං හා වර්ධාව හේතුවෙන් දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර ව්‍යාපාර වසා දමා ඇත. ඩොක්සුරිගේ ප්‍රහාරය අතරතුර බොහෝ වරායන්හි මුහුදු ගමන් අත්හිටුවන ලද අතර මගීන් සහ භාණ්ඩ ට්‍රක් රථ දහස් ගණනක් අතරමං වී තිබේ.

මෙම සුළි කුණාටුව හෙට දිනය වන විට(29) අග්නිදිග චීනය වෙත සිය ගමන් මඟ වෙනස්කරගනු ඇති බවට දේශගුණික විශලේෂකයන් අපේක්ෂා කරයි.

සශිකලා මධුෂාණී_ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...