ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද ? – ධම්මික පෙරේරාගේ පිළිතුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අවස්ථාව ලබාදෙන්නේ නම් ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔබතුමා ඉදිරිපත් වෙනවාද ?

“මම හැමතිස්සෙම ලෑස්ති වෙලා ඉන්නෙ. හැබැයි අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය. එතකොට ඒ පක්ෂයට තීරණයක් ගන්නවා කියන්නෙ දිස්ත්‍රික් මට්ටමෙන් අනුමැතියක් අරගෙන, මේක ලොකු ක්‍රියාවලියක්නෙ. චුට්ටි දේශපාලන පක්ෂයක් නම් හරි ලේසියි තීරණ ගන්න. ඉතින් ඒ ඔක්කොම අරගෙන තීරණයක් කරාවි ඉදිරියේදී”

ප්‍රශ්නය – දැන් නාමල් රාජපක්ෂ මහතා ඊයෙ කිව්වා කිසි කෙනෙක් මේ වෙනකල් ලිඛිතව ඉල්ලීමක් කරලා නෑ කියලා. ඔබතුමා ලිඛිතව ඉල්ලීමක් කළාද ?

“මෙහෙමයි, අපි ඒ අවශ්‍යතාවය බලමු ඉදිරියේදී කොහොමද වෙන්න ඕනෙ කියලා. අපි ඒ අනුව බලලා ඒ විදියට කරන්න ඕනෙ කටයුතු ටික කරන්න ලෑස්තියි”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අවස්ථාවක් ලැබුණොත් විතරද ඔබතුමා ජනාධිපතිවරණයට තරග කරන්නෙ ?

“මම මහින්ද චින්තනය එක්ක බැඳිච්ච වටපිටාවකුයි මම ආදරේ කරන ආර්ථික ප්‍රතිපත්තියක් තමයි එතන තියෙන්නෙ. මගේ ඇඟේ ඇතුළෙ තියෙන්නෙත් ඒ ආර්ථික ප්‍රතිපත්තියම තමයි. ඒක හින්දා මට වෙනත් ආර්ථික ප්‍රතිපත්ති එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඒක හින්දා මහින්ද චින්තනයත් එක්ක බැඳිච්ච පොහොට්ටුව කියන දේශපාලන පක්ෂය තමයි මට හරියන්නෙ. ඒ කියන්නෙ, නොගැලපෙන දේවල් එක්ක කරන්න බැහැනෙ මොනවාවත්”

ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ කොටසක් කියනවා වර්තමාන ජනාධිපතිතුමාට සහාය දෙන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ මත දෙකක් තියෙන්නෙ. එතකොට මොකක්ද වෙන්නෙ ?

“ඒ ඉතින් සමහර අයනෙ. හැබැයි දේශපාලන පක්ෂයක් වශයෙන් තීරණයක් ගත්තාට පස්සෙ තමයි ඒකට අපි උත්තර දෙන්න ඕනෙ”

ප්‍රශ්නය – උදයංග වීරතුංග මහත්තයා සඳහන් කරලා තියෙනවා ඔබතුමා තමයි ජනාධිපතිවරණ අපේක්ෂකයා, නාමල් රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කියලා. එහෙම කතාබහක් ඇතිවෙලා තිබුණාද ?

“මොන කතාබහ ඇතිවෙලා තිබුණත් දේශපාලන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තාට පස්සෙ තමයි අපට ඒ දේ කරන්න පුළුවන් වෙන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ජුලි 29 අපේක්ෂකයා වෙන්න ඔබ සූදානම්ද ?

“මම හැමතිස්සෙම සූදානම්. පක්ෂය තමයි ඒක තීරණය කරන්න ඕනෙ”

ප්‍රශ්නය – දැන් හෙට අනිද්දා දෙන තීරණයත් එක්ක ඔබතුමාගෙ හිත කැඩෙයිද ?

“මෙහෙමයි, ඕනෙම දෙයක් අපි සතුටින් බාරගන්න ඉන්නෙ. මොකද රට වෙනුවෙන් වැඩ කරනවා කියන එක හිත සතුටින්නෙ කරන්නෙ. දැන් මම මෙච්චර කල් රට වෙනුවෙන් අධ්‍යාපනය හදලා තියෙනවා. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය හදලා තියෙනවා. කොරෝනාවලින් පස්සෙ මං හිතන්නෙ මම අධ්‍යාපනය හැදුවෙ නැත්නම් අද රටේ අධ්‍යාපනය මෙතන නෑ. ඕගොල්ලන්ගෙ ළමයිට වුණත් ඩීපී එඩියුකේෂන් ඇරෙන්න වෙන දෙයක් නෑ. මම එතෙන්ට ගෙනල්ලා තියෙනවා රට. ඒ වගේම තමයි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් කියලා කැම්පස් 145ක් හදලා තියෙනවා රටේ. ළමයි 135,000 ක් ඉගෙන ගන්නවා. මේ ඔක්කොමත් එක්ක බැලුවාම මම කොහොමත් සතුටින් ඉන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ 29 තීන්දුව එන කල් බලාගෙන ඉන්නවා ?

“ඒක පක්ෂය තීරණය කරන කල් මම බලාගෙන ඉන්නවා”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ පෙරේදා (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...