වොෂින්ටනය සිය දිගුදුර මිසයිල ජර්මනියේ යොදවන්නේ නම් නැවත න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන බවට පුටින් අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදය සිය දිගුකාලින මිලිටරිකරණයේ කොටසක් ලෙස SM-6, Tomahawk කෲස් මිසයිල සහ හයිපර්සොනික් ආයුධ ජර්මනියේ ස්ථානගත කරන බවට පසුගියදා නිවේදනය කිරීමත් සමඟ රුසියාව නැවත අතරමැදි න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ආරම්භ කරන බවත් එවැනිම දුරකින් සිය මිසයිල ස්ථාපිත කරන බවත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.

ජනාධිපති පුටින් ඊයේ(28)දිනයේදී රුසියානු නාවික දිනය සමරමින් රුසියාව, චීනය, ඇල්ජීරියාව සහ ඉන්දියාවේ නාවිකයින් අමතමින් මේ බව ප්‍රකාශ කර තිබු අතර රුසියානු සහ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසන්නේ මෙම ගැටුම 1962 කියුබානු මිසයිල අර්බුදයට වඩා නරක අතට ගමන් කරනු ඇති බවයි.

1980 ගණන්වල බටහිර ජර්මනියේ සීතල යුද්ධයේ උච්චතම අවස්ථාවේදී එක්සත් ජනපදය US Pershing බැලස්ටික් මිසයිල ස්ථානගත කළ අතර සීතල යුද්ධයේ අවසානයෙන් පසුව, මොස්කව් වෙතින් තර්ජනය පහව ගිය නිසා එක්සත් ජනපදය යුරෝපයේ ස්ථානගත කර ඇති මිසයිල සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කරන ලදී.

නමුත් යෝජිත නව මිසයිල ස්ථානගත කිරීම හරහා නැවත රුසියානු අගනගරය ඉලක්ක වෙමින් පවතින හෙයින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් එරට රාජ්‍ය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ‘අප සීතල යුද්ධය දෙසට ස්ථාවර පියවර ගනිමින් සිටින බවත්, සෘජු ගැටුම සමඟ සීතල යුද්ධයේ සියලු ගුණාංග නැවත පැමිණෙමින් තිබෙන බවත්ය.’

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...

බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16)...

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...