ජනපති e කොළම.

Date:

(වොෂින්ටන් වෘකයා)

🎀පොලිස්පති අර්බුදය නවතින්නේ කොතනින්ද..?

🎀පාර්ලිමේන්තු තීන්දුවක් උසාවියේදී අභියෝගයට ලක්වීම…..?

🎀පොලිස්පති වැටීම ගැන පාතාලය, කුඩ්ඩන් මෙන්ම විපක්ෂයත් සතුටු වේද…..? 

🎀මහාවංශෙත් නැති බංකොලොත් රට වසර 02 න් ගොඩ දැමීම….!

🎀76 වසරක සාපය ගැන රමේෂ් ජවිපෙ රෙදි ගැලවීම…..?

🎀ආර්ථික යුද්ධයෙන් රට බේරාගත හැකි එකම නායකයා රමේෂ් නම් කරයි.

🎀ආර්ථික ඝාතක ඉලෝන් මස්ක් ට ලංකාවෙි දරුවන් බාරදීම…..?

🎀සාගල US කමලා හැරිස්ට ඇන්දවීම…..?

🎀ඔසී හිටපු අගමැති ලෝකෙටම ඇහෙන්නට රනිල් ගැන කල සැර කතාව..?

🎀පොඩි මයිනා රතු එළි පත්තු කල ද කපුටා ගෙන් කොළ…..?

🎀ඇමෙරිකන් මහින්ද හා ඇමෙරිකාව ආරක්ෂක කතාබහක.

ඡන්ද නොතියා පිං නරියා දිගටම ඉන්න හදනවා යි විපක්ෂය හා තවත් අය කිවෝය. එසේ කියන සමහරු මේ තීරණාත්මක වෙලාවේ රටේත් නැත. ලෝකෙට ගතු කියන්නට හා පක්ෂයට ඩොලර් මළු පුරවන්නට ජපානයේ නැත්නම් ඇමෙරිකාවෙි ගිහින්ය.

රටට ප්‍රතිලාභ ගෙන එන්නට හෝ නරියාගේ රටයාමේ මේනියාව දැන් හොඳය. සති අන්තයේ ඔහු කුරුණෑගල ගියේ  රාජකාරි රැසකටය. කඩවත රැළියට ගියේ ගෙදර යන ගමන්ය. ඒ නොසිතූ ජන ගඟක් මැදිනි. උණ හෙම්බිරිස්සාවෙන් සිරුර පත්තුවී තිබුණ ද වැඩේ අත හැරියේ නැත.

ඇමති ප්‍රසන්න රැළිය සැරට සංවිධානය කොට තිබිණ. පොහොට්ටු මන්ත්‍රීලා 28 ක් හිටපු සභාපතිලා 12 ක් හා ප්‍රාදේශීය මන්ත්‍රීලා 381 ක් පැමිණ තිබුණේ සෙනග කන්දක් සමඟය. එහිදී බොක්කටම වදින කතාව කළේ Dr රමේෂ් ය.

“නිදහස ගන්න කොට දුරකතන 3000 ක් තිබුණු රටේ දැන් මිලියන 30 ක් තියෙනවා. එක විශ්ව විද්‍යාලය දැන් 24 වෙලා.පාසල් 3000 දැන් 10,100 වෙලා රෝහල් ඇදන් 18,000 දැන් 91,000 වෙලා ලංකාවෙ මිනිස් ආයු කාලය තිබුණෙ වසර 45 යි. අද ඇමෙරිකාවෙ වසර 79 ටත් ඉහළින් ලංකාවෙ 81 යි. දැන් මෝටර් සයිකල් හා වාහන ලක්ෂ 80 ක් ජනතාව සතුයි. කොවිඩ් වලින් බලගතු ඇමෙරිකාවෙ ලක්ෂ 12 ක් මැරෙන කොට ඒක 16,000 න් අපි බේරගත්තා.එදා 05% ට තිබුණු විදුලිය දැන් 97% යි. ජලය වාරි මහාමාර්ග අධිවේග හැදිලා. දැන් රටට ඇති අභියෝගය ආර්ථිකයයි. එය දිනන්න පුළුවන් එකම නායකයා රනිල් බව එතුමා ඔප්පු කලා” වසර 76 ක සාපයක් ගැන කියන අයගේ රෙදි ගලවා දැම්මේය.

“මේරට බංකොලොත් වුණා කියල මහාවංශෙත් නෑ.  වැටුණ රට අපි වසර දෙකෙන් ගොඩ දැම්මා. ආපහු එතනට වැටෙනවද ඉස්සරහට යනවද” නරියා ද වැනුවේය. ජනපතිවරණ අපේක්ෂකත්වය එතනදී එළියට දැමීමේ ගේමක් ඇමති ප්‍රසන්න ගැසූවද නරියා ඒ ටොපිය ගිල්ලේ නැත. පිරිස තේ බීමට ගියේ මන්ත්‍රී සහන් ප්‍රදීප් ගේ නිවසට ය.

“මෙහෙම සෙනඟක් 77 දිනපු වෙලාවෙත් ගම්පහ පැත්තෙ හිටියෙ නෑ”  කපටි නරියා කීවේ හොඳටම වූන් වෙලාය. කතරගම අවසන් පෙරහැරට යාම අතහැරියේ ඇගපත රුදාව වැඩිවූ නිසාය. අදාළ වගකීම් ඒ වනවිටත් එහි සිටි සාගල ට පැවරිණ. ඉදහිට ලැබෙන නිළ නොලත් US කමලා හැරිස්ගේ ගේ ජොබ් එක ඔහු  අකුරටම ඉටු කළේය. පසුදාත් රැස්වීම් කිහිපයක් අවලංගු කළේ අලි හෙම්බිරිස්සාව නිසාමය. එහෙත් කැබිනට් හා ආණ්ඩු පක්ෂ රැස්වීමට ගියේය.

“දැන් ජනපතිවරණෙ ද මහ ඡන්දෙද දෙකම නැද්ද” ඇමතිවරු ඇසුවේ කොක්හඩලමිනි.

“ජනපතිවරණෙටයි සල්ලි වෙන්කළේ” නරි මුවින් ආවේ එපමණකි.

ප්‍රසිද්ධ උත්සව වලට නොගිය ද මැතිවරණ ආශ්‍රිත සාකච්ඡා රැසකට ජනපති එක්විය. ප්‍රචාරණය හා සංධාන ගැන දැඩි අවධානය යොමු කෙරිණ.

ඔිස්ට්‍රෙලියාවේ පෙfයාර්පීල්ඩ් ලෝයර්ස් සභාපති නීතීඥ සුසන්ත කටුගම්පොළ වෙනත් රටක වෙසෙන ලාංකිකයෙක් නොකල වැඩක් කළේය.ඒ ඔසී හිටපු අගමැති ස්කොට් මොරිසන් ගෙනැවිත් ලංකාවේ වත්මන් පසුබිම ගැන ලෝකය දැනුවත් කරන දේශනයක් සංවිධානය කිරීමය.

“ජනපති රනිල් බිමට වැටුණ ලංකාව ඉක්මනින් ගොඩ ගත්තා. ඔහු ලෝකයේම විශ්වාසය දිනාගෙන උදව් ගත්තා. ඔහු වැනි කෙනෙක් අහිමි කරගත්තොත් පාඩුව ලංකාවටමයි” හිටපු අගමැති මොරිසන් කීවේය. එම වැඩේදී නීතීඥ සුසන්තට දිනේෂ් වීරක්කොඩි ද සහාය විය.

හිමිවරු හා සිල්මාතාවන් 3000 කට ශිෂ්‍යත්ව හා ගම්පහ බණ්ඩාරනායකයේ සංවත්සරයේදී රනිල් හොද දේශනාවක් දුන්නේය.

“පාසල් නිළ ඇදුම් චීනය දෙන නිසා කෝටි 600 ක් ඉතිරියි. පාසල් දරුවන්ගෙ ඉගෙනුමට උදව් කරන්න ඉලෝන් මස්ක් එනවා. එයාගෙ Starlink එක්ක වැඩ කරන්න අපේ දරුවන්ටත් ලැබෙනවා” ජනපති කීය.

“ජවිපෙ කියන ආර්ථික ඝාතක ඉලෝන් ට දරුවන් බාරදීම ගැන දැන් මොනව  කියාවිද දන්නෙ නෑ” මහාචාර්ය ආශු පසුව කීවේ සිනා මැදය.

“පොලිස්පතිට කේස්” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කීවිට ‘ආ එහෙමද’ නරියා ඇසුවේ සැහැල්ලුවෙනි.

“ඔය තීන්දුව දෙන්න කල් ගත්ත වගේ අපිත් ඔිකට ලෑස්ති වෙලයි හිටියේ. තීන්දුව කියවලා ඇමතිවරු එක්කත් කතාකරල ස්ථාවරය කියන්නම්” ඔහු දිනිත් ට කීවේය. 

“තීන්දුවේ ගැටලු තියෙනවා. නීති උපදෙස් ගනිමු” කැබිනට් තීන්දුව එයය.

බදාදා මල්පාර කාර්යාලයට ගිය රනිල් තීන්දු රැසක් ගත්තේය. බැසිල් හමුවී කතා කළේ සංධානගතවීම ගැනය. පොඩි මයිනා මයික් ටයිසන් වී රතුඑළි පත්තු කළ ද කොළපාට එළි හරහා නරියා හා කපුටා යළි හමුවන්නට තීන්දු කෙරිණ.

“19 හා 21 සංශෝධන වලිනුත් ව්‍යවස්ථා සභාවට ජනපති බලය පැවරුවෙ නැතිනම් අධිකරණයට පොලිස්පති ගෙ ප්‍රශ්න කතා කරන්නවත් අයිතිය ලැබෙන්නෙ නෑ” වජිර කීය.

“පොලිස්පති ගැටලුවේ වගකීම කතානායකට පැවරෙනවා.  ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුවක් අධිකරණයේ දී අභියෝගයට ලක්වෙලා. අවසන් තීන්දුව පාර්ලිමේන්තුව සතුයි” නීතීඥ දොළවත්ත කීවේය. 

“වැඩ බලන පොලිස්පති පත්කරන එක ජනපතිගෙ අතේ කිව්වට කතානායක හා ව්‍යවස්ථාදායකයයි තීන්දුුව ගන්න ඔින” ආශු කීවේ හුම්මිටි තබමිනි.මේ ගැන මැතිසබය ද ගිණියම් විය.

“උසාවි නියෝගය අනුව ජනපති වැඩබලන පොලිස්පති පත් කරන්න ඔිනෑ. වැඩ බලන කෙනා පත් කරන්න ව්‍යවස්ථා සභාව ඔින නෑ” ජී එල් කීවේ එවැන්නකි.

“අධිකරණයට ගරු කළත් 76 වන සංශෝෂධනය අමතක කලයුතු නෑ” සභානායක සුසිල් ඇඔරුවේ වෙනම ගුලියකි.

“යුක්තිය මෙහෙයුමෙන් රිදුන පාතාලෙයි කුඩ්ඩොයි පොලිස්පති ඉවත් කලාට කැමතියි. විපක්ෂයත් ඒ ගොඩේ ද” ඇමති ප්‍රසන්න ප්‍රශ්න කළේ එහෙමය.

හැම එකටම ගේම් ගහන බව කියා හැම කුණු ගොඩම නරියාගේ බොක්කට තල්ලු කළ ද මැතිවරණ කොමිසම නිළ නිවේදන දැමීම තුළ විපක්ෂය හා යු ටයර් ටියුබ්කාරයන්ද දැන් නන්නපෝල් ය.

US ජනපතිගේ ජාතික ආරක්ෂක කටයුතු බාර විශේෂ සහකාර හා ද :  ආසියාවෙි අධ්‍යක්ෂ ලින්ඩ්සේ පෝfඩ් හා US ජාතික ආරක්ෂක කවුන්සිලයේ ධවල මන්දිර හා ද : ආසියානු අධ්‍යක්ෂ සීමස් වයිට්සෙල් හා තානාපති මහින්ද සමරසිංහ අතර විශේෂ හමුවක් පැවැත්වින. ආරක්ෂාව හා සෙසු කරුණු රැසක් එහිදී අවධානයට යොමු කෙරිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...