“ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටුවක් නොවන බැවින්,අධිකරණයට මැදිහත් විමෙ හැකියාවක් තියෙනවා.”
අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාචාර්ය පීරිස් මහතා පැවසුවේය.
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අධිකරණ නියෝග වලට අභියෝග කිරීම තරයේ හෙළා දකින බවත්,අගමැතිවරයා පදනම් විරහිත තර්කයක් ඉදිරිපත් කර ඇති අතර , එයට මැදිහත්වීම සඳහා කිසිදු බාහිර පාර්ශවයකට ඉඩ නොමැති බවත්,එහෙත් එම තර්කය අසත්‍ය තර්කයක් බවත් කියා සිටියේය.
කථානායකවරයා ව්‍යවස්ථා සභාවේ මුලසුන දැරුවත්, පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටුවක් නොවන බවත්,ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය විධායක හෙවත් පරිපාලන කාර්යභාරයක් බව 2002 දි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් 7දෙනෙක්ගෙන් සමන්විත විනිශ්ච මණ්ඩලයක් බලාත්මක තීරණයකින් ප්‍රකාශයට පත් කොට ඇති බවත්, පීරිස් මහතා කියා සිටියේය.
වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් බවත්,නමුත් අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායකයේ කොටසක් බවත්,ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුමක් පවතින බවත්,එබැවින් රජය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් පෙන්වා දුනි.
අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සඳහා කිසිවකුට ඉඩ නොතබන බවත්,සැප්තැම්බර් 21 පසු අධිකරණය සෘජුව හෝ වක්‍රව හෑල්ලුවට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් පැවසීය .
දින 14ක් සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත්,තමා ඇප මුදල් තැන්පත් කළ බැවින්, වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන නිසා ඔහුට පොලිස්පතියරයකු පත් කිරීමට නොහැකි යැයි පැවසීම කිසිදු පදනමක් නොමැති බවත් පෙන්වීය.
වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ගැසට් කළ පැය කිහිපයක් තුළ ඇප මුදල් තැන්පත් කලේ එවැනි තර්කයකට ප්‍රවේශය සකස් කිරීම සඳහා බවත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 G හා 104 GG යන වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පොලිසියට අවශ්‍ය නියෝග දීමට මැතිවරණ කොමිෂන් සභාවට පූර්ණ බලය ඇති බවත්, ජී එල් පීරිස් මහතා සදහන් කළේය.