Louvre Heist: මිලකළ නොහැකි ආභරණ සොරාගත් මිනිත්තු හතරේ මහා සොරකම!

සටහන – පුලී

ඔක්තෝබර් 20, කොළඹ (LNW):  Money Heist නැරඹූ ඔබට ඒ අත්දැකීම වගේ අත්දැකීමක් ඇත්ත ජීවිතයෙත් දකින්න ලැබුණොත් කොහොම වේද? මේ කතාව පැරීසියේ Louvre කෞතුකාගාරයේ සිදු වූ සොරකම ගැනයි!

පැරිසියේ Louvre කෞතුකාගාරය මහ දවල් වැටලීමක් සිදු කර මිල කළ නොහැකි යැයි පැවසෙන ආභරණ සොරකම් කළ සොරුන් කණ්ඩායමක් සොයා මේ වනවිට මිනිස් දඩයමක් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෞතුකාගාරය අමුත්තන්ට විවෘත කිරීමෙන් ටික කලකට පසු, මුහුණු ආවරණය කරගත් සැකකරුවන් පිරිසකට ඉකුත් ඉරිදා උදෑසන මෙම සොරකම සිදු කිරීමට ගත වූයේ මිනිත්තු (හතරක් පමණ) කිහිපයක් පමණි. ඒ පිළිබඳ ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් ද ප්‍රකාශයක් සිදු කළේය.

ප්‍රදර්ශන පෙට්ටි කඩා මොපෙඩ් වලින් පලා යාමට පෙර, පළමු මහලේ ජනේලයකට ළඟා වීමට මෙම කල්ලිය යාන්ත්‍රික ඉණිමඟක් භාවිතා කර ඇති බව ද පෙනේ.

මෙම කෞතුකාගාරය තුළ ඔවුන් ප්‍රංශයේ රාජකීය ආභරණ කුටි ඉලක්ක කර ගෙන ඇති බව පෙන්වා දේ. නිලධාරීන් පැවසුවේ අයිතම නවයක් මේ වනවිට පැහැරගෙන ගොස් ඇති බවයි.


ඒ අතර III වන නැපෝලියන්ගේ බිරිඳට අයත් ඔටුන්නක් ද විය.
දේශීය වේලාවෙන් 09:30 ට පමණ (GMT 08:30) ගැලරියා ඩි ඇපලෝන් (ඇපලෝ ගැලරිය) වෙතින් මෙම ආභරණ සොරකම් කර ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.

සොරුන් ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම සඳහා බැටරි බලයෙන් ක්‍රියාත්මක වන තැටි කටර් භාවිතා කර ඇති බව ද සඳහන්.
මෙම මහා කොල්ලකෑමට පුද්ගලයින් සිව් දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, දෙදෙනෙකු ගොඩනැගිල්ලට ඇතුළු වී ඇතුළට ගිය පසු ආරක්ෂකයින්ට තර්ජනය කළ බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...