හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජුලි 28) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, විදෙස්ගතව සිටින පාතාල නායකයකු වන “කෙහෙල්බද්දර පද්මේ” නමැත්තා විසින් තමන්ට මරණ තර්ජන කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට දින කිහිපයකට පෙර වැඩබලන පොලිස්පතිවරයාට පැමිණි කර ඇත.

එහෙත් එසේ තර්ජනය කළ පුද්ගලයා යැයි සැක කරන පුද්ගලයෙකු මීට දින කිහිපයකට පෙර CIDය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී “උදව්වට ස්තූතියි” යනාදී වශයෙන් ප්‍රියන්ත ජයකොඩි මහතා යොමු කළ බව කියන කෙටි පණිවිඩ හමුවී ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන අදාළ පුද්ගලයා ලවා ප්‍රියන්ත ජයකොඩි මහතා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට, දේශබන්දු තෙන්නකෝන්ගේ පුත්‍රයාට සහ තමන්ටම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදීගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පසුව අසනීප තත්වයක් ඇතැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...