ගාල්ලේ අවසානය කෙසේ වෙයි ද?

Date:

නිශ්මං රණසිංහ ජූලි 29 කොළඹ LNW:

අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසාන තරගයට කොළඹ සහ ගාල්ල සුදුසුකම් ලබා ඇත.මේ දක්වා පැවති තරගවලදී කොළඹට වඩා ඉදිරියෙන් සිටි ගාල්ල අවසාන තරගයේදී ඒ තත්ත්වය කෙසේ රැක ගනු ඇද්ද? ජූලි 29 වන දා පැවත්වෙන මෙම අවසාන තරගය කාට ජයග්‍රහණය හිමිව අවසන් වේ දැයි කීම අපහසුය.


අවසාන මහා තරගයකට මුහුණ දීමේ මානසිකත්වය යනු සාමාන්‍ය තරගයක තත්ත්වයට බොහෝ සෙයින් වෙනස් එකකි.එහිදී වඩාත් සාර්ථක වන්නට අවශ්‍යය මානසික හැකියාව කළමණාකරණය කිරීම වෙනස්ම වැඩකි.බොහෝ කණ්ඩායම් හරහා මේ තත්ත්වය පිළිඹිඹු වී ඇති ඇත්තකි.උදාහරණයකට ඉතාම දක්ෂතා සහිතව ක්‍රීඩා කරන සමයක වුව දකුණු අප්‍රිකාවට ලෝක සූරතාවයකට යාමට නොහැකි විය.(මෙවර ලෝක ටෙස්ට් සූරතාවය දිනා ගන්නා තෙක්ම) තීරණාත්මක මොහොතකදී එම අවස්ථාව ඔවුන්ගෙන් මඟ ඇරී යන්නේම ක්‍රීඩකයෙකු ලෙස හෝ කණ්ඩායමක් ලෙස දක්වන ලද නොසැකිල්ල හෝ නිශ්චිත මොහොතකට අදාළව හැසිරුණු ආධුනික ස්වරුපය නිසාය.


මේ නිසා අවසාන තරගය මැනිය හැකි මිණුම් දණ්ඩ පෙර දක්ෂතා සමඟ ගැලපීමට නොහැකිය.එය සම්පූර්ණයෙන් රදා පවතින්නේ මේ තරගයට මුහුණ දෙන ආකාරයෙන්ය.ගාල්ල කණ්ඩායමට නායකත්වය දෙන්නේ මාතර අනුර විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක වන රිශ්මි සංජනා ය.අනුර සහ රත්ගම දේවපතිරාජ පාසල් ලංකාවේ කාන්තා ක්‍රීකට් ක්‍රිඩාවේ ජාතික කණ්ඩායම නියෝජනය ගත්තද අත් නොහැරිය හැකි සාධකය.
ශ්‍රී ලංකාව නියෝජනය කළ තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය,ලිමිනි තිලකරත්න කොළඹ කණ්ඩායමට නායකත්වය දෙයි.ඇය මෙන්ම ගම්පහ රත්නාවලිය,නුගේගොඩ අනුලා,වාද්දුව වැනි පාසල්වලින් නිර්මාණය වෙමින් පවතින දක්ෂ ක්‍රීඩිකාවන් ද මේ කණ්ඩායමට එක් වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...