යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය මරුට !

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසේ තිබී ඔවුන්ගේ මළසිරුරු පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණියයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පැවසෙන අතර ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව සඳහන්. ඔවුන් දෙදෙනාගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...