ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්තිය පුරුදු පාරෙම ගාල්ලට

Date:

සටහන – නිශ්මං රණසිංහ 

ජූලි 29, කොළඹ LNW:  මේ වන විට ක්‍රියාත්මක 49 වන ජාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 15 ක් බෙදී ගොස් අවසන්ය.සුපුරුදු පරිදි මෙවරත් බස්නාහිර පළාතම ජය ගැනීමට ඉඩ ඇති බවට ඉඟි සපයමින් එයින් රන් පදක්කම් 4 ක් සහිතව පෙරමුණ ගන්නට බස්නාහිර පළාත සමත්ව සිටියි. දෙවන තැන සිටින්නේ මධ්‍යම පළාතය.ඔවුන්ට රන් පදක්කම් 3 ක් හිමිව ඇත.මේ සමඟ තරගාවලියේ පදක්කම් සටහන දක්වා ඇති අතර ඉදිරියේදී ද මේ ආකාරයටම පදක්කම් සටහන දිගු වීමට ඇති ඉඩ විශාලය.

ඇතැම් ක්‍රීඩාවන්වලදී බස්නාහිරට සහ වෙනත් පළාත්වලට තිබෙන සමාන පහසුකම්වල ප්‍රමාණය අනුව බස්නාහිර අභිබවා දස්කම් දක්වන අවස්ථා වාර්තා වේ.ඒත් බස්නාහිර පළාත තුළ ක්‍රීඩා සම්පත් බෙදී යෑමේ තදබල විෂමතාවයන් දැකිය හැකි වුවත්,පළාත් මට්ටම ගත් විට මේ තත්ත්වය බස්නාහිරට වැඩි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන්නේය.

ක්‍රීඩා උළෙලේ සමාප්තිය බොහෝ අමාත්‍යවරුන්ගේ දේශපාලන කැමත්ත සහ ආශාව අනුව සිය ගම් ප්‍රදේශවලට ගමන් කරන ආකාරයෙන්ම මෙවර ක්‍රීඩා උළෙලේ සමාප්තිය ද ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයට රැඟෙන ගොස් ගමට පේන්න වැඩ දැමීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට ඇති ආදාව ඉදිරියට ගෙන ඇත.තරගාවලියේ අවසානය සිඳුවන්නේ මලල ක්‍රීඩා ඉසව් සමඟ වන අතර එම ඉසව්වල ප්‍රගතියක් අපේක්ෂා කරන්නේනම් එය කොළඹ සුගතදාස හෝ දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී පැවත්විය යුතුය.එසේ නොවන කෘතිම ධාවන පථයක් නොමැති තැනෙක පැවත්වීමේදී විද්‍යුත් කාලඝණකවල ගැටළුව ආදියද මතු වන්නේය.
උදාහරණයකට යාපනයට ජාතික ක්‍රීඩා උළෙළ රැඟෙන ගිය අවස්ථාවේදී විද්‍යුත් කාලය මැනීම සිඳු නොවුණ අතර සාමාන්‍ය පරිදි අතින් කාලය මැනීම අනුව මීටර් 800 ඉසව්වට නිමාලි ලියනාරච්චි පිහිටුවන ලද වාර්තාව පිළිනොගන්නා ලෙස එහි වාර්තාව හිමිව තිබූ ශ්‍රීයාණි ධම්මිකා මැණිකේගෙන් විරෝධයක් මතු විය.එසේම ඊට සහය දක්වන ලීලාවේ අදහස් සුසන්තිකා ජයසිංහගෙන් නැඟ ආවේය.

හොඳම පහසුකම් තියෙන හැටියට දීම වඩාත් වැදගත් බව අප අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් අමාත්‍ය ධූරයට පෙර අවස්ථාවලදී නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සිටියේ ද එම මතයේය.ක්‍රීඩා පිටියේ ගුණාත්මකභාවය ද ජාතික මට්ටමේ ඉදිරියෙන් සිටින සියලුම මලල ක්‍රීඩකයින් සිය පළාත්වලින් තරග බිමට එන මොහොතක ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට ද මේ ආකාරයට ක්‍රීඩා පිටි තෝරා ගැනීම බලපාන්නේය.ජාත්‍යන්තර සිහින දකිමින් සිටින ක්‍රීඩකයෙකුට එවැනි ආබාධයකට මුහුණ දෙන්නට සිඳු වුවහොත් ඔහුගේ ක්‍රීඩා ගමණම පසුපසට යන බව අපි විඳ දැක ඇත්තෙමු.

මුළින්ම මේ තත්ත්වය කියමින් බදුල්ලේ පැවති ක්‍රීඩා ජාතික ක්‍රීඩා උළෙලක දිවීම සුසන්තිකා ජයසිංහ ප්‍රතික්ෂේප කළේය.ඒ අවස්ථාවේදී ඇය ඇත්නාවල දිවූ කෙල්ලෙක් බව කියමින් ඒ ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව යම් යම් වාර්තාවන්ද පළ විය.එහෙත් ඇත්ත සුසන්තිකා ඇත්නාවලින් සිඩ්නි පදක්කමට පිවිසි පසුව යළිත් ඇයව මඩේ ඔබා එහිම සිටිය යුතු බව සිතීම නොවේය.

මෙවැනි අදහස් වෙනුවට සමීපව වැඩ කරන ක්‍රීඩාවේ නියැලි පිරිස් පවා අපි කරේ මෙහෙමයි කියමින් සිය ක්‍රීඩා ඉතිහාසයේ දුෂ්කරතා සහ පීඩාවන් මතක් කරමින් අමාත්‍යවරයාගේ තීරණවලට හුරේ දමමින් තමන්ගේ ස්ථානය ස්ථිර කර ගැනීම සහ වරප්‍රසාද සඳහා සුදුසුවන හොඳහිත ප්‍රවර්ධනය කර ගැනීම සිරිතය.මේ සුනිල් කුමාර ගමගේට පමණක් නොව හිටපු ඇමතිවරුන්ට ද අදාළ,ඔවුන් සමඟ සිටින අතවැසියන්ට ද අදාළ පරම සත්‍ය්‍යකි.ඒ ඇත්ත ඇතුළේ සුනිල් කුමාර ගමගේ ගේ උවමනාව සුවිශාල දැණුමක් බවට විශ්වාස කරන්නට අවශ්‍යය ප්‍රශස්ති සපයන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඇසෙන්නට පුළුවන් වචනවල තියෙන ‘මරු වැඩක්‘ යන්නට ඇලී ගැලී ලොඩ යැයි සිතා දියට පැනීම ඇමතිවරුන් අතින් සිඳුවන දෙයක්ය.

ඒ නිසා ගාල්ලේ 49 වන ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්තිය ක්‍රීඩාවට ආශිර්වාදයක් ලෙස නොව අමාත්‍යවරයාට ආශිර්වාදයක් ලෙස ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේ දී පැවත්වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...