චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

Date:

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ ගංවතුර සහ නායයෑම් වැනි ආපදා තත්ත්වයන් මතු ව තිබෙනවා.

ඉන් බෙයිජිං නගරයේ, Hebei, Jilin සහ Shandong යන පළාත්වල ජීවිත හානි මෙන්ම විශාල දේපළ හානි ද වාර්තා වනවා.

ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජීන් පිං මහතා අදාළ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කරමින් අතුරුදහන් වූ හා සිර වී සිටින පුද්ගලයින් සොයා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔහු සඳහන් කර තිබෙනවා.

අනතුරට ලක්ව සිටින ජනතාව හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත් කර හානි සිදු වීම වහාම අවම කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම අනතුරුදායක හදිසි තත්ත්වයන් වාර්තා වන වහාම අනතුරු ඇඟවීම් සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාත්මක කරමින් ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව පූර්ණ වශයෙන් සහතික කළ යුතු බවද ෂී ජීන්පිං මහතා අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...