ගුවන් හමුදා භටයෙකු පැහැරගෙන ගිය කතාව නාටකයක් – ගුවන් හමුදාවෙන් නිවේදනයක් !

Date:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භටයෙකු නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදී ඇති බවට මාධ්‍යවල පළවූ පුවත සම්බන්ධයෙන් ගුවන් හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මඩකළපු ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත කෝප්‍රල්වරයකු වාලච්චේන, රිදීතැන්න ප්‍රදේශයේ ගසක බැඳ සිටියදී ඊයේ (28) උදෑසන ප්‍රදේශවාසීන් විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව රෝහල්ගත කර තිබුණු අතර එම ස්ථානයෙහි “කෲර දේශපාලනයට උදව් කරන ගැත්තන් මේ විදියට තමයි මරණයට පත්කරන්නේ” යනුවෙන් දමිළ භාෂාවෙන් සඳහන් පුවරුවක් ද හමුවී තිබිණි.

මේ පිළිබඳව වාලච්චේන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කරන ලද අතර අදාළ භටයා පවසා ඇත්තේ නිවාඩු ගොස් ආපසු එමින් සිටියදී තමන්ව වෑන් රථයකින් පැහැරගෙන ගොස් මරා දමන්නට උත්සාහ කළ බවකි.

මෙහිදී ඔහු පැවසූ කරුණු සහ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු වල පරස්පරතාවක් තිබී ඇති අතර ඔහු අසල තිබී හමුවුණු දමිළ භාෂාවෙන් ලියන ලද පුවරුව ද දමිළ භාෂා පරිචයක් නොමැති පුද්ගලයෙකු විසින් ලියන ලද්දක් බව අනාවරණය වීම නිසා ඇතිවූ සැකය මත ප්‍රශ්න කිරීමේදී මෙම ක්‍රියාව තමන් විසින්ම කරන ලද්දක් බව අදාළ ගුවන් හමුදා භටයා පිළිගෙන තිබේ.

මොහු දැඩි ලෙස අන්තර්ජාල සූදු ක්‍රීඩාවලට ඇබ්බැහි වූවකු වන අතර ඔහු ඒ සඳහා තම කඳවුරේ සෙසු සෙබළුන්ගෙන් මුදල් ණයට ලබාගෙන ඒවා නැවත ගෙවීමට අපොහොසත්ව සිට ඇත. ඒ අනුව පළමුව සියදිවි හානිකර ගැනීමට අදහස් කළත් එසේ කළහොත් තම බිරිඳට ගුවන් හමුදාවෙන් කිසිදු දීමනාවක් නොලැබෙන බැවින් ඔහු මෙසේ තමන්ව පැහැරගෙන ගිය ආකාරයේ සිද්ධියක් සැලසුම් කර ඇති බවයි ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම ක්‍රියාවට ගුවන් හමුදාවේ හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක කිසිදු සම්බන්ධයක් නොමැති අතර මෙම සම්පූර්ණ ක්‍රියාවලිය අදාළ කෝප්‍රල්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි සිදුකර ඇති බව අවධාරණය කරන ගුවන් හමුදාව ඔහුට එරෙහිව පොලිස් විමර්ශන අවසානයේ නීතිමය කටයුතු කිරීමට ද නියමිත බවයි නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...