අපි මේ රටේ බලයට ආවෙ කිසිවෙකුට බයවෙලා අපේ ක්‍රියාමාර්ග හකුළාගන්න නෙවෙයි – ඇමති මහින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෝ පාතාලයට හෝ වෙන කිසිවෙකුට හෝ බියවී තම ක්‍රියාමාර්ග හකුළාගන්නා පාලනයක් නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“මෙහෙමයි, විරුද්ධ පක්ෂය දැනගන්න ඕනා, අපි පාතාලයටවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටවත් කිසිවෙකුට යටත් වෙන ආණ්ඩුවක් නෙවෙයි. නමුත් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යම්යම් තීන්දු ගන්නට වෙනවා. ඒ හැර වෙන කිසිවක් නෙවෙයි. මේ වෙනකොටත් අපි දන්නවා පාතාල ක්‍රියාකාරකම් සැලකියයුතු මට්ටමකින් අපේ රටේ අවම කරන්නට අපි කටයුතු කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැට බඳිමින් කටයුතු කරලා තියෙනවා. අපි මේ කිසිවකට යටත් නෑ. අපි මේ රටේ බලයට ආවෙ කිසිවෙකුට යටත්වෙලා අපේ ක්‍රියාමාර්ග හකුළාගන්න නෙවෙයි. අපේ ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගෙනියමින් රටේ ජනතාවට පොරොන්දු වුණ ලෙසට ජනතා අභිලාෂයන් ඉටුකිරීමට ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා. ඒ ගැන කිසිවෙක් සැකසංකා තියාගන්න ඕනෙ නෑ”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...