ඇමරිකානු සහ සෞදි හමුදා ඉරාකයේ ඉරාන අනුබල ලත් සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ඒකාබද්ධ ප්‍රහාර දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය ඊයේ දිනයේදී(28) ඉරාකයේ වෙසෙන ඉරාන අනුබල ලබන සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්ක කිහිපයකට ඒකාබද්ධ නිරවද්‍ය ගුවන් ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) නිවේදනය කර තිබේ.

CENTCOM සඳහන් කළේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ බව පැවසෙන කණ්ඩායම් පසුගිය පැය 72 තුළ ඇමරිකානු හමුදා සහ සෞදි බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර 30කට වැඩි සංඛ්‍යාවක් දියත් කිරීමට උත්සාහ කළ බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් මෙම ඒකාබද්ධ ප්‍රහාර ක්‍රියාත්මක කළ බවත්‍ ය.

ප්‍රහාරවලදී නැගෙනහිර ඉරාකයේ පිහිටි ආයුධ ගබඩා, සැපයුම් මධ්‍යස්ථාන සහ සන්නද්ධ කණ්ඩායම් භාවිත කළ බව පැවසෙන පහසුකම් කිහිපයක් ඉලක්ක කර ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුම කලාපයේ උණුසුම් ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති අතර, ඉරානය සහ එයට අනුබල ලබන කණ්ඩායම් සමඟ පවතින ආතතිය වැඩිවීම පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...