මාධ්‍යවේදී තරිඳු අත්අඩංගුවට ගැනීම විපක්ෂ නායක සජිත් තරයේ හෙළාදකී. රාත්‍රියේම පොලිසියට ගොස් සොයාබලයි (VIDEO)

Date:

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර මහතාගේ තත්වය පිළිබඳ විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (28) රාත්‍රීයේ බොරැල්ල පොලීස් ස්ථානයට පැමිණියේය.

මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තරිඳු මහතාව ඊයේ පැවති විරෝධතාවයක් අතරතුරදී බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාධ්‍ය නිදහසට හා භාෂණයේ නිදහසට බාධා කරමින් සිදු කරන මෙවැනි අත්තනෝමතික මර්ධනය කිරීම් තමන් දැඩිව හෙළා දකින බවයි.

එසේම ශ්‍රී ලංකාව යනු ඒකාධිපති රටක් නොවන බව රජය සිහිතබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව මාධ්‍ය නිදහස පිළිබඳ අංශු මාත්‍රයක හෝ ගෞරවයක් ඇත්නම් වහාම තරිඳු උඩුවරගෙදර මහතාව නිදහස් කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...