*
Friday, September 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/29

1.ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව සිකුරාදා (28) දින ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය – මෙහිදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ.

2. ‘අස්වැසුම’ සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය මෙම සති අන්තය වන විට අවසන් කිරීමටත් ඉන් අනතුරුව ප්‍රතිලාභීන් වෙත ගෙවීම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දෙයි – මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ‘අස්වැසුම’ වැඩසටහන සම්බන්ධ ගැටලු සහ ඒ ඒ ප්‍රදේශවලට අදාළ ගැටලු සාකච්ඡා කෙරිණි.

3. ජූලි 01 සිට 27 දක්වා ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් 120,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනාවරණය කරයි – ජූලි මාසය සඳහා සංචාරක පැමිණීම් 123,503ක් වාර්තා වී ඇති බවත්, ඉන් බහුතරයක් ඉන්දීය ජාතිකයන් බව හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය.

4. සේවක අර්ථසාධක අරමුදලේ (EPF) අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලී අනුපාත 9% දක්වා අඩු කිරීමට ගත් තීරණය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කෙරේ.

5. ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිමත් වීමත් සමඟ ජපානයේ වෙළෙඳ හා ආයෝජන වැඩි වශයෙන් සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ජපාන ව්‍යාපාරික කවුන්සිලය විශ්වාසය පළ කරන බව නව සභාපති මහේන් කාරියවසම් ප්‍රකාශ කරයි – ඔහු ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාකාරී සහභාගීත්වයට සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට සහාය දැක්වීම සඳහා ජපානයට කෘතඥතාව ද පළ කළේය.

6. පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු සතුව තිබූ බැංකු ගිණුම්වලට අදාළ විමර්ශනවලින් ඔහු සතුව රුපියල් බිලියන 12.2 ක් ඇති බව අනාවරණය විය – ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ දේවගැතිවරයා සතුව තිබූ බැංකු ගිණුම් 11ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ගනුදෙනු සොයා ගත් බව අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන මහතා අධිකරණයට දන්වා සිටියි.

7. අවශ්‍ය වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස සේවය කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 62 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කුවේටයෙන් පිටුවහල් කරයි – කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සකස් කරන ලද තාවකාලික විදේශ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙම පිරිස කුවේට් සිට පිටුවහල් කර ඇති බව තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

8. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත 2024 අධ්‍යයන වර්ෂය සඳහා නව පාසල් වාරය ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කරයි – නව පාසල් වාරය 2024 පෙබරවාරි 21 වන දින ආරම්භ වීමට නියමිතය.

9. විශාල ආදායමක් උපයන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් පශු වෛද්‍ය පර්යේෂණායතනය වසර ගණනාවක් තිස්සේ විගණනයකට ලක් නොකළේ මන්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි – පශු වෛද්‍ය පර්යේෂණායතනයේ සිදුවූ රුපියල් මිලියන 15ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කරන ලදී.

10.ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රමුඛ පෙළේ කණ්ඩායමක් වන ගාල්ල ටයිටන්ස් සිය සන්නාම තානාපතිවරයා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක නිල වශයෙන් පත් කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan