රගර් එහි පොල්මංකාරයන් යැයි සිතා සිටින්නන්ගෙන් සාමාන්‍ය සමාජයට පැමිණ,රටේ සෑම අතටම විහිදීමේ ලක්ෂණයට වාරණය පැනවීමේ අවශ්‍යයතාවය සහිත පිරිසක්, හද්දා පිටිසරෙන් පැමිණ ධනය බලය ආඨ්‍ය වූ සමාජයක පැසසුම් ලද්දෙක් හරහා එය ඉටු කරවා ගැනීමට ගත් උත්සාහය අද වන විට කෙමෙන් දියවෙමින් සැඟවෙමින් ඇත.ඒ රටේ නීතියේ විශ්වාසට අනුවය.නීතියම නීතිය කර ගන්නෝ හිඟ නැතත්,එසේ නොවන අවස්ථාත් අපි අත් විඳ ඇත්තෙමු.අවසාන උත්සාහය එය විය හැකිය යන අදහසක් සම්බන්ධයෙන් සැක සංකා පහළ වෙමින් තිබේ.කුමන හෝ පුද්ගලයෙකුට හෝ ඔහුගේ හෝ ඇයගේ ඊ ලඟ පරම්පරාවට හෘදය සාක්ෂියක් ඇතුව පාරට බැසිය හැකි අන්දමට ජිවත්වීමට අපහසු වන මට්ටමෙන් මේ මොහොතේ චෞර සංකල්ප විසින් ඔවුන්ව ලාභ අපේක්ෂාවන් සඳහා පොළඹවා ගනිමින් සිටින බවක් දකින්නට ඇති බැවින් සියලු ශුද්ධමය වස්තූන් යම් සැකයකට භාජනය තෙක් ජන මනස තුළ අවිශ්වාසය ඉපදී ඇත.
රගර් පරිපාලනයට දිය හැකි හොඳම දඬුවම ඔවුන් බලය සම්බන්ධයෙන් කරන අරගලය නොවේය.ඔවුන් තදින් වෙහෙස වි වැඩ කටයුතු ආරම්භයේදී ම ඇති කර ගත් ඉලක්කය වූ රගර් ක්‍රීඩාවේ ආසියාතික තරගාවලි පදක්කමකට ගෙන යාමේ උත්සාහය වේ.දැන් අවශ්‍යය වන්නේ නීතියේ සාධාරණ තීන්දුව සහ යුක්තිය මදක් පමා කර හෝ එම අවස්ථාව ඇති කිරීමය.ඒ ඉහත පංතියේ ප්‍රභූත්වයට මේ කාරණය දැනෙන සිල්ලර මට්ටමය.තමන්ගෙන් පංතියෙන් පිට කණ්ඩායමක් විසින් රටට මොන දේ උපයා දුන්නද එයට වඩා අවශ්‍යය එහි විටිනාකම ඔවුන්ට අදාළ වන්නේ තමන්ගේ පංතියේ ඇසුරක් එහි ගෑවී ඇත්නම් පමණය.
මේ මොහොතේ අධිකරණය අමාත්‍යවරයාට,අමාත්‍යංශ ලේකම්වරයාට සහ සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට රගර් හී ස්වාධීනත්වයට අත නොතබන ලෙස දී ඇති තීරණය මත ඔවුන්ට ද නිහඪ වෙන්නට සිදු වී ඇත.එම කීන්දුවෙන් අමාත්‍යවරයා ගනු ලැබූ තීරණ වලංගු නොවන බව නිර්වචනය කර ගැනීමට හැකි වුව,ඔහු ගත් ස්ථාවරකරණ කමිටුව සිය පුටුවලින් බැස නොගොස් එය අල්ලාගෙන සිටින්නට උත්සාහ කරන්නේය.ඒ එම තීන්දුවේ එක කොටසකින් සෘජුව කියැවිය යුතු ස්ථාවරකරණ කමිටුවේ බලය අත් හිටුවීම වචනවලට ගොනු වි නැති නිසාය.
එය අධිකරණය විසින් ද අගෝස්තු 4 වන දාට කල් දැමීම අධිකරණයේ අවධානය ආසියානු ක්‍රීඩා උළෙලට යොමු වී නැති බව කීමය.එසේම ස්ථාවරකරණ කමිටුව,අභියාචනාධිකරණය විසින් අමාත්‍යවරයාට බලපෑම් නොකරන ලෙස කී විටදී ත්,සිය තනතුරුවලින් ඉවත් නොවී තීන්දුවට පසුවත් යම් යම් කාරණා ඉදිරිපත් කරමින් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව කීම නිිසා ද යන්න සිතා බැලිය යුතුය.එය එසේ වන්නේ කෙසේද යන්න නැවත සිතා බැලිය යුතුව ඇත්තේ එම අධිකරණයම ඇමතිවරයාට පවා රගර් සඳහා බලපෑම් නොකළ යුතු බව දන්වා සිටියදී ඔහු විසින් පත් කළ ස්ථාවරකරණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව කී විට තීන්දුවේ ඉතිරි කොටසට අත්සන් කිරීම පමා කිරීම නිසාය.
අප කරන වෘත්තීය කුමක් වුව එය නීති විෂයද,වෛද්‍ය වෘත්තියද නැත්නම් වෙනත් පහළ සේවා කුලකයක නියෝජනයක්ද යන්න නොසළකා රටේ යහපතට භාවිතා කිරීම වැදගත්ය.පුරවැසියා සේ අපට පැවරී ඇති එම වගකීමට තත්ත්වයන්,තරාතිරමක් අදාළ වන්නේ තීන්දු තීරණ ගැනිමට පැවරී ඇති බලයේ පළල අනුවය.ඒ නිසා වඩා පළල් බලයක් පැවරෙන අයට වඩා පුළුල් ලෙස සේවය කිරීමේ හැකියාව ද ඇත.
ඒ නිසා මේ ගැටළුව මේ මොහොතේ සම්පූර්ණයෙන්ම පවතින්නේ අධිකරණ ක්‍රියාවලීය මත පදනම්වය.නීතිය සාධාරණත්වය යන සියල්ල රටේ සුවසෙත පිණිස වැය කළ යුතුය.රටට හොඳක් සහ වැඩක් කිරීමට ඇති බාධා ඉවත් කිරීම නීතියේද අපේක්ෂාවය.සමහර අවස්ථාවල මතු ලාභ අපේක්ෂාවෙන් එසේ නොකරන බවට ඇති කතා ද අපි දැඩිව විශ්වාස නොකරන්නෙමු.නමුත් තිබිය හැකි බව විශ්වාස කරන්නෙමු.විශ්වාස නොකරන්නේ කිහිපවරක්ම ඉහළ දේශපාලන බලය විසින් රගර් ගමනේ පාදය දෝතීන් බැඳ ගනිද්දී තරවටු කර එය මුදා හැරීමට කටයුතු කළේ නීතියම බැවින්ය.
මේ රටේ හැම වෘත්තියකටම අසාධාරණයට,අයුක්තියට වැඩ කිරීමෙන් භෞතිකව ලැබෙන වාසිදායක තත්ත්වයන් තිබිය හැකි මුත්,අපහසුම දේ තමාට සමාජයට නොව තමන්ටම මුහුණ දිය නොහැකි මට්ටමට දැනෙන අපහසුවය.ලැජ්ජාවය.හැමෝම රටට විපතක් නොකළ යුතුය යන්න සිතන්නට සිතිට ගන්නේ නම් මේ වන විට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව හරහා ආසියානු කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාතික ඔලිමිපික් කමිටුව නෛතීක තත්ත්වයන් සහ සදාචාරාත්මක හේතු මත කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රගර් ස්ථාවරකරණ කමිටුව සමඟ නොවේය.රගර් සම්මේලනය සමඟය.මේ තත්ත්වය තේරුම් ගැනීම අතිශයින් වැදගත්ය.පදක්කමක ඉලක්කයකට යන ගමන වළක්වන්නට උථ්සාහ කරන කවුරු හෝ රගර්වලටවත්,රටටවත්,රටේ ක්‍රීඩාවටවත් ආදරය නැති තමන්ගේ සුඛ විහරණය සහ අපේක්ෂාවන් මත රැදී කටයුතු කරන ද්‍රෝහීයන් සේ සමාජය විසින් හංවඩු ගසනු ඇත.
කාලය එහි බර වැඩි කරනු මිසක් අඩු කරනු නැති බව සහතිකය.පරම්පරා ගණනකට ද්‍රෝහින් වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට වඩා මෙහි වැදගත්කම ඇත්තේ රගර් ආසියානු ගමන වැළක්වීම වෙනුවෙන් තමන්ට තමන් තුළම ඇතිවන සහ තමන්ගේ සමීපතමයන් තුළ ඇතිවන ජුගුප්සාජනක හැඟීමට මුහුණ දීමේන් වැළකී සිටීමය.
අපි සමාජයට නිරාවරණය මිනිස්සු බැවින් සමාජය මත අහිතකර දේ ඉසීම නොකළ යුතුය.මන්ද එහි නරක අපට ද බලපානු සැක නැත.ආසියානු පදක්කමක් වෙනුවෙන් යන ගමණට සියල්ල සූදානම් කරමින් ඉදිරි දින 40 ක කාලය තුළ එහි පල නෙලා ගන්නට සෑදි පැහැදි සිටින ශ්‍රී ලංකා රගර් හී ගමන වැළක්වීම හෝ ජය ගැන්වීම පිටියේ විනිසුරුවරුන්ට නොව දැන් පැවරි ඇත්තේ අධිකරණයේ විනිසුරුවන්ටය.එය සාමාන්‍ය තත්ත්වයකි.කවුරුත් රටේ මිනිස්සු ලෙස රටේ ජයග්‍රහණවලට සාධාරණය ඉටු කරන්න නීත්‍යාණුකූලව කඩිනමින් මැදිහත්වීම පුරවැසි වගකීමකි.
ඉතිහාසයේ දිනක සහභාගි වී පදක්කමක් නොදිනුවොත් එය දිගට කතා නොවනු ඇත.නමුත් සහභාගි වන්නට නොහැකි වුවහොත් එයට මං ඇහිරූ පිරිස් ගැන මතු පරම්පරාවලටද බලපාන සේ මුවෙන් මුව, පරම්පරාවෙන් පරම්පරාවට වරදක් සේ ගමන් කරනු ඇත.
සටහන – නිෂ්මං රණසිංහ