ජපාන විදේශ අමාත්‍ය සහ ජනපති අතර හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (Hayashi Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (29) කොළඹදී පැවැත්වුණා. ඒ මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටී.

එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කර ඇති අතර ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙරට ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී  ජනාධිපතිවරයා විසින් සිය කෘතඥතාව පළ කළ අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කිරීමට සම්බන්ධයෙන් ද එහිදී  වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...