ජපන් විදේශීය අමාත්‍යවරයා හමුවූ විපක්ෂ නායකවරයා

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් අද (29) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණි.

මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව දෙපලගේ අවධානය යොමුවූ අතර (JAICA) සහ (JBIC) ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකා ජනරජයටත් එහි මහජනතාවටත් ජපානය විසින් හෘදයාංගමව ලබා දී ඇති උදව් උපකාර පිළිබඳවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් පිලිබදවත් විපක්ෂනායක වරයා ජපන් රජයට මෙන්ම එහි පුරවැසියන්ටත් සිය කෘතඤතාවය පිරිනමන ලදී. එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) පටු දේශපාලන තීරණ මගින් නවතාලීම නිසා සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිලිබදව කණගාටුව පළකර සිටි විපක්ෂනායකවරයා සිය රජයක් යටතේ එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අතවැල් බැඳගැනීමට බලාසිටින බව ආවධාරණය කළේය.

තවද මෙම හමුවේදී ජපානයේ අධ්‍යාපන ව්‍යුහයේ ධනාත්මක ප්‍රවේශය අගය කිරීමට ලක්කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපන් විදේශ අමාත්‍යවරයා හමුවේ කියාසිටියේ ජපන් ජනතාවගේ විනය,කැපවීම , කඩිසරබාවය හා අවංකබාවය තමා මහත් ඉහළින් අහය කරන බවත් එවැනි ගුණාංග වලින් ශ්‍රී ලාංකේය ජාතිය සන්නද්ධ කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදුකිරීම කෙරෙහි ද සිය රජයක් යටතේ අවධානය යොමු කරන බවත් ය.

තවදුරටත් ජපන් විදේශ අමාත්‍යවරයා හමුවේ විපක්ෂනායකවරයා කියාසිටියේ මේ වන විට, රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.4%ක සුළු ප්‍රමාණයකට පමණක් දායකත්වය දක්වන ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වන ජපන් තාක්ෂණය ලබා දෙන ලෙසයි. EEZ විශේෂ ආර්ථික කලාපයේ පිහිටා ඇති නාවික සැතපුම් 200ක වපසරියක් පුරා දිවයින වටා පැතිර ඇති මුහුදු සම්පත නිසියාකාරයෙන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට තමන්ට ඇති දැක්ම හා අවශ්‍යතාවය විපක්ෂනායක වරයා පෙන්වා දෙන ලදි.

එසේම තොරතුරු තාක්ෂණ (IT) විප්ලවය නගරයට පමණක් සීමා වී ඇති හෙයින් ගමේ දරුවන්ට තවමත් එම තාක්ෂණයට උරුමයක් නොමැති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ජපන් විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ගමේ දක්ෂ දරැවන්ටත් තාක්ෂණ ලෝකයේ ඉදිරියට යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීමට ආධාර කරන ලෙසයි.

තවදුරටත් ජපන් විදේශ අමාත්‍යවරයෙ හමුවේ විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේ රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම සදහා දිය හැකි සියලුම සහය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලූ විපක්ෂනායකවරයා, එම ආධාර වල බාවිතය හා ඵලදායීතාවය අධීක්ෂණය කිරීමට දායක වන මෙන්ද ජපන් රජයෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...