මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වෙනුවෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුය – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Date:

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන සිදුකර ඇති අමානුශික පහර දීම ගැන වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුය.

වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතාවයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔහුට අමානුශික ආකාරයට පහර දීම කිසිඳු ලෙසකින් හෝ අනුමත කල නොහැකි අයුක්තිසහගත ක්‍රියාවකි. ඒ මඟින් පැහැදිළිවම ප්‍රදර්ශනය කර ඇත්තේ අදහස් පළකිරීමේ අයිතියට රටේ ඇතැම් පාර්ශවයන් දක්වන නිගරුවයි.
ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතියට තර්ජනය කරමින් හා සිය බලය අත්තනෝමතික ලෙස යොදාගනිමින් මාධ්‍යවේදියෙකුට සිදුකර ඇති මෙම අමානුශික පහරදීම පිළිබඳව රටේ වගකිවයුතු පාර්ශව නොපමාවම අවධානය යොමු කල යුතු ය. එමෙන්ම ඊට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යානුකූල ලෙස පියවර ගත යුතුව ඇති බව ද අපගේ ස්ථාවරයයි.
මෙවැනි සිදුවීම් අප රට තුළ සිදු නොවන ආකාරයට අවශ්‍ය මගපෙන්වීම් රටේ ප්‍රමුඛ ආයතන මගින් සිදුකර තිබියදීත්, අදාළ පාර්ශව ඒවා නොතකා හැර තිබීම කණගාටුදායකය. විශේෂයෙන්ම මහජන විරෝධතා හමුවේ කටයුතු කල යුතුව ඇති ආකාරය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලීසියට පැහැදිලි මාර්ගෝපදේශ ලබා දී තිබියදීත් මෙවැනි තත්වයන් ඇතිවීම පිළිබඳව පොලිස්පතිවරයා සිය අවධානය යොමුකල යුතුව තිබේ.
ඒ අනුව අප ඉතාමත් ඔනෑකමකින් යුතුව වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම ගැන නොපමාවම පරීක්ෂණයක් සිදුකරන ලෙසය. එමෙන්ම මෙවැනි සිදුවීම් නැවැත සිදු නොවන ආකාරයට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...