ඉන්ධන කෝටාවට වසරක් පිරේ

0
274

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිගු පෝලිම් වලට විසඳුමක් ලෙස , රටේ සෑම වාහන හිමියකුටම නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් ජාතික ඉන්ධන අවසර පත් සඳහා ලියාපදිංචිය ආරම්භ කර අදට වසරක් සම්පුර්ණ වේ.

දින ගණන් පුරා පැවති ඉන්ධන පෝලිම් නිමා කිරීමට මෙම ක්‍රියාවලියට හැකිවූ අතර , ජාතික ඉන්ධන අවසර පත වෙනුවෙන් පළමු පැය 24ක්  ගෙවෙන්නට පෙර 1,000,000ක් ලියාපදිංචි වී තිබූ බවයි වාර්තා වන්නේ. එසේ අද වනවිට ලියාපදිංචි වී ඇති වාහන ගණන  6,527,684 ක් බව සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??