ජනිදු ලක්විජයගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Date:

මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ජනිදු ලක්විජය සමත් වුණා.ඒ මීට සුළු මොහොතකට පෙර කොළම සුගතදාස පිටියේ පැවත්වෙන 101 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින්.
ජනිදු විසින් බිඳ දැමුවේ ඔහු විසින්ම 2023 මාර්තු 21 වන දා තත්පර 13.82 ක් වාර්තා කර පිහිටුවා තිබූ වාර්තාවයි.ඔහු අද එම ඉසව්ව තත්පර 13.77 දී නිමා කරන්නට සමත් වුණා.ජනිදුට පෙර මෙහි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරීත්වය දරා සිටියේ රොෂාන් ධම්මික රණතුංගයි.ඔහු මේ වන විට ලෝක විශ්ව විද්‍යා තරගාවලිය සඳහා සහභාගී වීමට චීනයට ගොස් සිටින නිසා මෙම ඉසව්වේදී එකට ධාවනයේ යෙදෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ.
ජනිදු මීට ප්‍රථම වාර්තාව තැබූ අවස්ථාවේ ඔහු සමඟ තළ සාකච්ඡාවක් ඇසුරෙන් අප තැබූ සටහනට පහතින් පිවිසිය හැකියි.
https://sinhala.lankanewsweb.net/03/22/48231/

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...