මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතියි – ජනපති රනිල්ගෙන් සටහනක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් සමග එක්ව කටයුතු කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූති කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (29) රාත්‍රියේ මෙම සටහන තබා ඇත.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.


“මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය දෑ නැතිව අරගල කරද්දී, ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබ ගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරි ගැන්නුවා.

ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා, වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමනේ අතර මගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තුති කරන්න කැමතියි.

මේ වෙලාවේ අප සමඟ එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මඟේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා. පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපට තව බොහෝ දේ කළ හැකියි.

තවමත් අප සමඟ එක්නොවූ මන්ත්‍රීවරුන්ටත් මම කියන්න ඕනි, අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්. සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදු වෙමින් පවතිනවා, එය යථාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම කෙනක්ම අපට අවශ්‍යයි. මේ ගමන පහසු එකක් නොවුණත්, අපි එකතු වීමෙන් රටට සහ මහජනතාවට අපේ යුතුකම ඉටු කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එකට එක්ව, අපි සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.

අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්යය ගැන මම අවසාන වශයෙන් ඔබට ස්තුති වන්ත වෙන්න කැමතියි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...