පොහොට්ටු මැති ඇමතිවරුන් පිරිසක් රෑම එජාප සභාපතිගේ කාර්යාලයට යයි. රනිල්ට සහාය දෙන බව කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත් සමග එම තීරණය විරුද්ධ වූ මැති ඇමතිවරුන් ඇතුළු කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලයේදී ය.

එම සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී ඇත.

එහිදී එම මැති ඇමතිවරුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය කෙසේවුවත් තමන් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිළුම් අමුණුගම, අනුප පැස්කුවල්, ගීතා කුමාරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී. දොලවත්ත ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...