අපි කැබිනට් ඇමතිවරු 4 දෙනෙක් රනිල්ට සහාය දෙන බව පක්ෂයට දැනුම් දුන්නා. තව විශාල පිරිසක් ඉන්නවා – බන්දුල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එකතුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රශ්නය – ඇත්තටම පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු, ඇමතිවරු කීදෙනෙක් ජනාධිපතිතුමාට සහාය දෙන්න තීරණය කරලා තියෙනවාද ?

“ඒක ජනාධිපතිවරණය අවස්ථාව වනවිට බලාගත හැකියි. විශාල ප්‍රමාණයක පිරිසක් මගේ දැනීමේ හැටියට ඉන්නවා. අපි කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් මමත් ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාත් රමේෂ් පතිරණ අමාත්‍යතුමාත් කංචන විජේසේකර අමාත්‍යතුමාත් බොහොම පැහැදිලිව ජනාධිපතිතුමාට සහාය දෙන බව එම පක්ෂයට දැනුම් දුන්නා. ඒ පක්ෂය තවත් යෝජනාවක් සම්මත කළා පොහොට්ටුවේ අපේක්ෂකයාට සහාය නොදෙන අයට විනයානුකූලව පක්ෂය විසින් කටයුතු කරනවා කියලා. ඒ යෝජනාවට අපිත් පක්ෂ වුණා. සියලු දෙනා ඒකමතිකව ඒ යෝජනාවත් සම්මත කළා. එහෙමනෙ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ක්‍රියාවට එන්නෙ”

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...