මේ රටට පරණ පාර්ලිමේන්තු ක්‍රමය ගෙන්න ඕනේ.විධායකයෙන් වුණේ රට බංකොලොත් වීම – ලාල් කාන්ත

Date:

කොළඹ LNW: එළඹෙන සැප්තැම්බර් 21 මාලිමාවට කතිරය ගැසිය යුතු වන්නේ විධායක බලය ක්‍රියාත්මක කරන කෙනා පිස්සු නම් කෙළින්නේ අවුරුදු පහක් යන්න පෙර පුටුවෙන් බැස්සවිය හැකි ආකාරයේ පාලනයක් දක්වා රට වෙනස් කර ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.

එම ක්‍රමය මෙරටට අලුත් දෙයක් නොවන අතර 77ට පෙර පැවති පාර්ලිමේන්තුවට බලය යන එම ක්‍රමවේදය යළි ස්ථාපිත කර ගත යුතු වන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

නමුත් දන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරගන්නා කෙනා මොනවා කළත් අවුරුදු පැහැයක් යනතුරු පුටුවෙන් බස්සවා ගත නොහැකි බව හෙතෙම කියාසිටියේය.

එලෙස නැවත පරණ පාර්ලිමේන්තු ක්‍රමයට යා යුතු වන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රතිඵලය රට බංකොලොත් වීම නිසා බවද හෙතෙම සඳහන් කරන ලදී.

ලාල් කාන්ත මහතා මෙම අදහස් පළකර සිටියේ අද (30) සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ 27 වැනි වාර්ෂික සමුළුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...