වැඩේ ගාණට යනවා : ඩඩ්ලිගේ හෝටලේ තියෙන්නේ වැවේ නෙවෙයි. නැති බම්බුවක් අයින් කරන්නෙ කොහොමද ? – ඇමති ලාල්ට මළපනී !

Date:

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් සුදු අරලිය හෝටලය පිහිටා ඇත්තේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයට අයත් ඉඩමක නොවන බවත් එහි වැට හෝ ඉවත් කිරීමට සිදුවන්නේ නම් ඩඩ්ලි සිරිසේන මහතා විසින්ම එය සිදුකරනු ඇති අතර තමන්ට එම වැට ඉවත් කිරීමට දෙයක් නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“රටේ තත්වය හොඳට යනවා. දැන් අපි බලයට එනකොට කිව්වා මේක අනාගනී, මාස හතරෙන් ඉවරයි, හයෙන් ඉවරයි කියලා. ඒ කියපු කාලෙ ඔක්කොම පහුකරලා රටේ වැඩ ටික ගාණට ලස්සනට කෙරීගෙන යනවා”

ප්‍රශ්නය – වැව් රක්ෂිත ආරක්ෂා කිරීමට ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය ගැන බොහෝ දෙනෙක් හොඳ කියනවා, නමුත් යම් යම් අය ඒක විවේචනය කරනවා ?

“යම් යම් අය ඉතින් හැමදාම එහෙමනෙ ? නේද ? යම් යම් අය එහෙම තමයි … වැවකට තියෙනවා මායිමක්. ඒවායෙ මායිම් ගලුත් නෑ. එක එක කාලවල දීපුවා තියෙනවා. ඔය චන්ද්‍රිකාගෙ කාලෙ දීපුවා තියෙනවා, රනිල්ගෙ කාලෙ අල්ලාගත්තු ඒවා තියෙනවා. මහින්දගෙ කාලෙ දුන්න ඒවා තියෙනවා. හැමෝගෙම කාලෙ ඒවා තියෙනවා, අපේ කාලෙ විතරයි නැත්තෙ. අපේ කාලෙ අපි එන්න දෙන්නෑ කොහොමත්. ඉන්න කට්ටිය ක්‍රමානුකූලව ඉවත් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්”

ප්‍රශ්නය – ඩඩ්ලි ගැන විතරයි බොහෝ දෙනෙක් කතා කරන්නෙ ?

“මම නම් ඩඩ්ලි ගැන කතා කරෙත් නෑ. සමාජය කතා කරන්න ගත්තාට පස්සෙ මටත් කියන්න සිද්ධ වුණා. කියන්න ඕනෙ දේ තමයි අරලිය හෝටලය තියෙන්නෙ වැවේ රක්ෂිතයේ නෙවෙයි. වැවේ නෙවෙයි. එතකොට ඒකෙ අයින් කරන්න දෙයක් නෑ. දැන් අභියෝග කරනවා පුළුවන් නම් ඒක අයින් කරන්න ලු. ඉතින් නැති බම්බුවක් කොහොමද අයින් කරන්නෙ ? අපි අයින් කරන්නෙ වැව ඇතුළෙ තියෙන ඒවා. ඩඩ්ලිගෙ වුණත් වැටක් හරි ඇතුළෙ තියෙනවා නම් ඒක එතුමා අයින් කරගනී. අපි අයින් කරන්න දෙයක් නෑ”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (ජුලි 29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...