රුසියාවට බලපෑ රිච්ටර් මාපකයේ 8.8ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජපානයට හා රුසියාවට සුනාමි තත්වයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(30)අලුයම රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට බලපෑ රිච්ටර් මාපකයේ 8.8 ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් කම්චැට්කා හි සමහර ප්‍රදේශවල මීටර් 3-4 (අඩි 10-13) ක උසකින් යුත් සුනාමි රළ වාර්තා වී තිබේ.

මෙහි බලපෑම යටතේ පළමු රළ උතුරු ජපානයේ හොක්කයිඩෝ වෙත බලපා ඇති අතර එය හොක්කයිඩෝ හි නගරයකට සෙන්ටිමීටර 30 (අඟල් 12) ක රළ පහරක් එල්ල වී ඇති අතර පසුව රළ විශාල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

මිට මතරව ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ ජපානයේ සමහර ප්‍රදේශවලට මීටර් 3 (අඩි 9.8) ක් තරම් උස රළ පහරක් එල්ල විය හැකි බවයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් මේවන විට ඇලස්කාව සහ හවායි මෙන්ම එක්සත් ජනපද දූපත් භූමිය වන ගුවාම් සහ මයික්‍රොනීසියාවේ අනෙකුත් දූපත් සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...