සර්ව පාක්ෂික ආණ්ඩු කතා දැන් විහිළුවක්.නව බලවේගයක් ගෙන්න වෙනවා – ෆොන්සේකා

Date:

මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන එක විහිළුවක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන විට තමන් සිතුවේ ජනාධිපති බලතල අඩු කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් ශක්තිමත් අගමැතිවරයෙක් පත්කර නිවැරදි මාර්ගයට රට ගනු ඇති බව වුවද එවැන්නක් දැන් පෙනෙන්නට නැති බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

එම නිසා මෙම වාතාවරණය තුළ මැතිවරණ පැවැත්විය නොහැකි හෙයින් නව බලවේගයක් ගොඩනගා එය ව්‍යවස්ථානුකූල බලයක් ගෙන රට ගොඩනැගිය යුතුවන බව හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...