එංගලන්තයට සැළකිය යුතු සටනක් දෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ඊයේ දිනයේ සිය දෙවන පරාජයන්ද වාර්තා කරා.ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තය ඉදිරියේද,පිරිමි කණ්ඩායම එංගලන්තය ඉදිරියේ ද පරාජය ලබමින්.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වන තැන ද,සත් සාමාජික රගර් ශ්‍රේණිගත කිරීම්වල අටවන තැන ද පසුවන එංගලන්තය හා තරඟයේ දි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය ලකුණු 47 ට සීමා කරමින් ද,ඔවුන්ට එරෙහිව ලකුණු 19 ක් ලබමින් ද දස්කම් දැක් වූවා.ප්‍රථම භාගයේ ලකුණු 26 – 7 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටියත් තරගයේ දෙවන අර්ධයේදි ශ්‍රී ලංකාව එංගලන්ත ලකුණු පූවරුවට එකතු වෙන්නට දුන්නේ ලකුණු 21 ක් පමණයි.එහිදි ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව තවත් ලකුණු 12 ක් එක් කර ගනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ ලකුණු 19 උත්සාහක දිණුම් තුනක් සහ ප්‍රවර්ථන දෙකක් සමඟ ගලා ආවා.එංගලන්තය උත්සාහක දිණුම් හතක් ලබා ගත් අතර ඉන් හයක් සාර්ථක ප්‍රවර්ථන කර ගන්නට සමත් වුණා.ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් තරින්ද රත්වත්ත උත්සාහක දිණුමක් ලබා ගැනීමට සමත් වුණා.ආරම්භක උත්සාහක දිණුම ලබා ගත් නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර එහි ප්‍රවර්ථනයද සාර්ථක කර ගත්තා.තරින්දගේ උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය නයිජල් රත්වත්ත සාර්ථක කර ගත් අතර බුද්ධිම පියරත්න ලැබූ උත්සාහක දිණුම ප්‍රවර්ථකයක් කිරීමට ශ්‍රීනාත් ගත් උත්සාහය ව්‍යර්ථ වුණා.
කාන්තා කණ්ඩායම දෙවන වරටද පරාජයටපත් වුණේ එකඳු ලකුණක් හෝ නොලබමින්.කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන තැන මෙන්ම සත් සාමාජික කාන්තා ශ්‍රේණිගත කිරීම්වල පස්වන තැන සිටින නවසීලන්තය ශ්‍රී ලංකාවට එකඳු ලකුණක් හෝ ලබන්නට නොදෙමින් ලකුණු 60 ක් රැස් කරනු ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...