ක්‍රීඩා ඇමතිගෙන් ඩීජීට සහ මලල ක්‍රීඩා සංගමයට රතු එළි!

Date:

කොළොම්ඹියාවේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන මලල ක්‍රීඩා කණ්ඩායම සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට එරෙහිව කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වන විට කණ්ඩායම දින දෙකකදී සහභාගි කළ හැකි ආකාරයට යම් විසඳුමක් ලැබී ඇති බව වාර්තා වුණත් එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ සිදුවීම නිසා විඳින්නට සිදු වූ කායික හා මානසික පීඩාවත් පැය 25 ක් ඉක්මවන ගමන් විඩාවත් නිසා ඉහළ දස්කම්වලට පිවිසීමට හැකි වේදැයි සැක සහිතයි. මේ ක්‍රීඩක කණ්ඩායම දින කිහිපයක්ම ගත කළේ ඇති වූ අවිනිශ්චිත තත්ත්වය සමඟ සිය දෙමව්පියන් සමඟ කොළඹ ටොරිංටන් ක්‍රීඩාංගනයේයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවත්,මලල ක්‍රීඩා පරිපාලනයට අතුරු කමිටුවක් කැඳවන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

එසේම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය ගැන නොපැහැදීමෙන් කතා කළ අමාත්‍යවරයා ඔහුටත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවටත් එරෙහිවද කටයුතු කරන බවද පැවසීය.

LNW මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර එමෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලට සහභාගී වීමේදී තේරීම් සම්බන්ධයෙන් මතු වූ කරුණුවලට නිවැරදිව මැදිහත් නොවී එම සංචාරයට කළමනාකරුවෙක් ලෙස එක්වී⁣ම සදාචාරාත්මක නොවන බව ද පෙන්නා දුන්නේය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අංක එකේ ස්කොෂ් ක්‍රීඩිකා ෆාතුම් ඉසඩීන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව මැදිහත් නොවීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පැහැර හරින ලද වගකීමක්ය.

ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තරඟ කාල සටහන අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ වැදීමට ඇති ආකාරය පහත දැක්වේ.

කවීෂ බණ්ඩාර – රාජකීය වි. කොළඹ
මීටර 110 කඩුළු : අගෝස්තු 01 – ප.ව.
කේ.ඩී.එම්. දර්ශන – අඹගමුව මහා විද්‍යාලය
මීටර 400 කඩුළු : අගෝස්තු 03 – පෙ.ව.
හිරූෂ අබේසේකර – සාන්ත පීතර වි. කොළඹ
දුර පැනීම : අගෝස්තු 01 – පෙ.ව.
පසිඳු මල්ෂාන් – සාන්ත ජෝසප් වි. කොළඹ
තුන් පිම්ම : අගෝස්තු 03 – ප.ව.
රුමේෂ් තරංග – සාන්ත පීතර වි. කොළඹ
හෙල්ල විසි කිරීම : අගෝස්තු 04 – පෙ.ව.
තරුෂි කරුණාරත්න – වළල ඒ රත්නායක වි.
මීටර 400 : අගෝස්තු 02 – පෙ.ව.
මීටර 800 : අගෝස්තු 01 – පෙ.ව.
අමේෂා හෙට්ටිආරච්චි – විහාරමහාදේවි. නුවර
මීටර 400 කඩුළු : අගෝස්තු 02 – පෙ.ව.

තරගාවලියට නිලධාරීන් ලෙස සුසන්ත ප්‍රනාන්දු සහ භද්‍රා ගුණවර්ධන එක්වන අතර තරගාවලියට එක්වන තරුෂි කරුණාරත්න සහ හිරූෂ හෂාන්ගේ සියලු වියදම් දැරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය කටයුතු කරන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා බලධාරීන් සෙසු කටයුතු පැහැර හරිමින් ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වය ද අවිනිශ්චිත තත්ත්වයකට ඇඳ දැමීය.

අද දින (ජූලි 30) මෙම කණ්ඩායමෙන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත තරුෂි කරුණාරත්න,හිරුෂ හිෂාන්,කවීශ බණ්ඩාර සහ නිලධාරිනිය භද්‍රා ගුණවර්ධනය. සුසන්ත ප්‍රනාන්දුගේ යටතේ හෙට (ජූලි 31) අමේශා හෙට්ටිආරච්චි,රුමේෂ් තරංග,කේ.ඩී.එම්.දර්ශන සහ පසිඳු මල්ශාන් පිටත්ව යාමට නියමිතය.

කෙසේ වුව ක්‍රීඩා අමාත්‍යවරයාගෙ වචන ක්‍රියා පදයක් වන තෙක් විශ්වාසයට ගැනීමට අපි සූදානම් නොවෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...