*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

නිරන්තර තරග අත්දැකීම් අවශ්‍යය බව තහවුරු කරමින් දකුණු අප්‍රිකාවටත් නෙට්බෝල් පරාජය වෙයි.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පැහැදිළි කරමින් සිටින්නේ අදක්ෂතාවය නොව ලෝක මට්ටමේ අත්දැකීම්වල අඩුවයි.ජාත්‍යන්තර තරගයන්හී රිද්මයට සමපාත වීම හිටි හැටියේ කඩා පාත් වී සිදු කළ නොහැක්කක් බව අපේ ඇස්වලට හුරු වී තිබෙන නෙට්බෝල් රිද්මය සහ ලෝක කුසලාන තරගවලට තරග වදින කණ්ඩායම්වල රිද්මය සළකා බලද්දී පැහිදීළි කර ගැනීම අපහසු නැත.කාට හෝ බොට්ස්වානා හී කළ කෙටි සංචාරය මේ තත්ත්වයට විසඳුමක් ලෙස පෙන්විය හැකි වුවත්,එය ඇත්ත නොවන බව පැහැදිළිය.එවැනි මට්ටමේ සංචාර නැතිනම් ජාත්‍යන්තර තරග ශ්‍රී ලංකාව තුළ හෝ වසරකට තුන් හතර වතාවක් පැවත්විය හැකිනම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩිකාවෝ ආසියාව පමණක් නොව ලෝකයේද කතා බහට ලක් විය හැකි මට්ටමකින් පෙරට එනු ඇත.

රටේ පාලකයන් විසින් ඇති කර තිබෙන අවිශ්වාසය පදනම් කරගෙන රටේ ජීවත්වීම පුරවැසියාට ගැටළුවක් වී ඇත. එය රූපනය වීම රට හැරයාමට පුරවැසියන් දක්වන උනන්දුවෙන් පැහැදිළිව කැපී පෙනෙන්නට ඇත.මේ තත්ත්වය නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදහන්වීම ද සිඳු වේ.ක්‍රීඩා අමාත්‍යංශය ඊට පිළියම් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට පනී ය යන බියෙන් ඔවුන්ට අවස්ථා සම්පාදනය කර දීම මඟ හරිමින් සිටින අතර නමුත් නිලධාරීන් සිඳු කළ යුත්තේ ක්‍රීඩකයින්ට රට තුළ ජිවත්වීමට සුදුසු සහ තමන්ගේ තරග රටාවන් වැඩි දියුණු කර ගනිමින් ජාත්‍යන්තර තත්ත්වයට පත්වීමට අවශ්‍යය මාවත් සකසා දීමය.

ජාත්‍යන්තර අවබෝධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයට තිබෙන පළල් අවබෝධය ගැන හොඳම නිදසුන නෙට්බෝල් කණ්ඩායමට බොටිස්වානා සංචාරය සඳහා අවසර ලබා දෙන්නේ එය දකුණු අප්‍රිකාවේ නගරයක් බව අවබෝධ කර ගනිමින්ය.එසේ නොවෙනවානම් එම අවසර ලිපිය නිකුත් කිරීමේදි සහ අත්සන් කිරීමේදී අදාළ නිලධාරියා ජාතික කණ්ඩායමක් සම්බන්ධයෙන් අවධානයෙන් දැක්විය යුතු ඉහළ සැළකිල්ලෙන් වැඩ කර නොමැති බව පිළිගත යුතුය.

මෙවැනි තත්ත්වයක ලෝක කුසලාන පරාජයන් හරහා අවබෝධ කර දෙමින් සිටින ලෝක පරිමානයේ නෙට්බෝල් තාක්ෂණය සහ ඊට අපේ ඇති දුර කියවා ගැනීම වෙනුවට, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සමාජ මානසිකත්වය පිනවීම උදෙසා සිදු කරමින් සිටින්නේ ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික ජීවිතයේ හැඩයන් හී ඇඳ සෙවීමය.ඒ නිසා ක්‍රීඩාවේ දියුණුව මෙන්ම දියුණු තලයෙන් ක්‍රීඩාව දෙස බලා අදහස් දැක්වීමේ හිඟයද ඊට සාපේක්ෂව ක්‍රීඩාවේ උන්නතියට බලපාන අතර ක්‍රීඩිකාවක බියර් උගුරක් දුම් වැටියක් බීමෙන් සසල වෙන හෙල සංස්කෘතියට ඌයියා වීම වැළක්වීම ප්‍රධාන කම්පාව බවට පත් වී ඇත.


දකුණු අප්‍රිකානු තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝකය දන්නා ප්‍රධාන තුරුම්පුව වන තර්ජනී සිවලිංගම් එළියට ඇදීමට පුහුණුකාරිය තිලකා ජිනදාස කටයුතු කර තිබුණේ නැත.එය ශ්‍රී ලංකාව අවසන් ශ්‍රේණිගත කිරීම් සඳහා පිවිසි විට එම වාතාවරණයේදී යොදා ගැනීම වෙනුවෙන් පරිස්සම් කිරීමක්ම නොවිය හැකි බව සිතේ.ශ්‍රී ලංකාව හා සමාන හෝ ඊට ආසන්න රිද්මයක තරගයකදී ඇය යොදවා තරගයක් ආපිට හැරවීමට හැකි වුවත්,තර්ජණිගේ වේගයට වඩා තිසාලාගේ වේගය ගැන ප්‍රධාන පෙළේ තරගයකදී වැදගත් විය හැකි බව තිලකාගේ කල්පනාව විය හැකිය.ඊයේ තරග පිටියට පසුව කැද වූ සේමිනි අල්විස් ද යම් ප්‍රගතියක් පෙන් වූ අතර සමහර විට ඇය තිසාලා ගේ සහයිකාව ලෙස වේල්ස් තරගය පුරා යොදා ගන්නට ඉඩ ඇත.


කණ්ඩායමක් පරාජය වූ පසු එම පරාජයේ පළල වචනවලට පෙරළා ගැනීම පහසුය.අපි ද එය කරන්නෙමු.නමුත් පරාජය ඇතුළේ මෙවන් තරගාවලියක් ඇතුළත ශ්‍රී ලංකාව පෙන්වන ධනාත්මක ලක්ෂණ කවරේද යන්න ද සිහි තබා ගැනීම වැදගත්ය.විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කාර්තු හතරම හොඳ ශරීර යෝග්‍යතාවයකින් තරග වැදීම සුබ ලකුණක්ය.තිලකාගේ පුහුණුව මෙන්ම කණ්ඩායම සමඟ රැදෙමින් වෛද්‍ය ලාල් එක්නායක දක්වන සහයෝගය මෙන්ම සියලු පුහුණු සහ කණ්ඩායම් කාර්ය මණ්ඩලයට එහි ගෞරවය බෙදී යා යුතුය.දකුණු අප්‍රිකානු තරගයේදී ද සිව්වැනි කාර්තුව දකුණු අප්‍රිකාව අඩුම ලකුණුවල රඳවා ගෙන සිටින්නට ශ්‍රී ලංකාවට හැකි විය.පරාජයේ දිග පළල කෙසේ වුව සමස්ත ප්‍රතිපලය නිරීක්ෂණය කිරීමේ දී ශ්‍රී ලංකාව කාර්තු හතරම එක මට්ටමක ක්‍රීඩා කරන බවට ඇති කරන ඉඟිය වැදගත්ය.


කාර්තු හතරේ ලකුණු තත්ත්වය සළකා බැලීමේදී එය සටහන් වී තිබුණේ 24 – 9,21 – 9,23 – 6 සහ 19 – 8 ක් ලෙස ය.සමස්ත ලකුණු පූවරුව 87 – 32 කි.බොට්ස්වානා හී තරග කිහිපයක් ක්‍රිඩා කර දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුය සිතන අයට මේ පරාජය අවුලකි.ඇත්තටම මේ පරාජයන් දැවන්තය.එහි තර්කයක් නැත.නමුත් ඒ පරාජයන්හි පසුපස කියවා ගැනීම වැදගත්ය.ඒ පරාජයන්හී දැවන්ත බව සමස්ත රටේ තිබෙන දුර්වල ක්‍රීඩා සංස්කෘතියෙන් උපන් නෙට්බෝල් පමණක් හුදෙකලා වූ දෙයක් නොවේය.ඒ නිසා මේ පරාජයෙන් පුසව හෝ ක්‍රීඩාව ගැන,එය පවතින ජාත්‍යන්තර සංස්කෘතියට අදාළ තැනක සිට කියවීමට මුල් තැන දී රටේ සංස්කෘතියට ක්‍රීඩාව ගලප්පාගන්න යාම වැළක්විය යුතුය.

ලංකාව දුර්වලවීමේ හේතුවක් මත නෙට්බෝල් දුර්වල වී ඇත යන නිගමනයේ සිට මිස එය ශක්තිමත් කළ නොහැකිය යන්න මිත්‍යාවක්ය.ඒ මිත්‍යාව පරාජය කරන තැන ශ්‍රී ලංකාව දිනන දවසක් එනු ඇත.හොඳ පන්දු හුවමාරුවකට අපි යා යුතු වන්නෙමු.ඒ පිටිය තුළ නොව,ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ,නෙට්බෝල් පරිපාලනයේ සහ ක්‍රීඩාවේ රිද්මය සමාන තැනකට ගෙන එමින් කරන ක්‍රීඩාවකින්ය.ක්‍රීඩාව සෙල්ලමක් නොවන බව අපි විශ්වාස කරන්නෙමු.

ජැමෙයිකා තරගයේ සුළු අවස්ථාවක් ආවරණය වන වීඩියෝ සටහනක්

දකුණු අප්‍රිකා තරගයේ සුළු අවස්තාවක් ආවරණය වන වීඩියෝ සටහනක්

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan